මුද්‍රණය සඳහා

 
බේරුවල සපුගොඩ විහාරයේ පෞරාණික ගොඩනැඟිලි සිතුවම් විනාශ  මුඛයේ

බේරුවල සපුගොඩ විහාරයේ පෞරාණික ගොඩනැඟිලි සිතුවම් විනාශ  මුඛයේ

කළුතර දිස්ත්‍රික්කයට අයත් ඉපැරණි ගොඩනැඟිලි චිත්‍ර හා නටබුන් රාශියකින් පිරි බේරුවල සපුගොඩ මහා විහාරයේ පෞරාණික ගොඩනැඟිලි හා චිත්‍ර විනාශ වෙමින් පවතී.

විනාශ වෙමින් පවතින බිතුසිතුවම්

කන්දඋඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන කාල සීමාවේදී සපුගොඩ ආනන්ද හිමියන් බේරුවල මස්සල්ගොඩට පැමිණ මේ විහාරය අරඹා ඇත.

මහනුවර යුගයේ පහත රට සම්ප්‍රදායට අයත් මේ පෞරාණික විහාරයේ බිම් මට්ටමේ වටිනා චිත්‍ර රැසක් මේ වන විට විනාශ වෙමින් පවතී.

දර්ශනීය මකර තොරණ රැසකින් ද පියගැටපෙළ, ගල්කණු, සීමා මාලකය හා ගල් උළුවහු රැසකින් ද මේ විහාරය අලංකාරවී තිබේ.

ලාංකික ගල් වඩුවන්ගේ දක්‍ෂතා එක්තැන්වී නිමවී ඇති මේ විහාරය ඉක්මනින් සංරක්‍ෂණය කිරීම ඉතා වැදගත්ය. විහාර ගෘහය වටා ඉදිකොට තිබූ පවුර හා සීමා මාලකය මේ වන විට විනාශ වෙමින් පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් විහාර ගෘහය හා වාහල්කඩ අලුත්වැඩියා කොට ඇත.

මෙහි ඇති ඉපැරණි චිත්‍ර, මූර්ති හා සෙසු ගොඩනැගිලි ද කඩිනමින් සංරක්‍ෂණය විය යුතුය. එසේ කළ යුතු වන්නේ අතීත ශශ්‍රී විභූතිය මතු පරපුරට ද දැක ගැනීමට කටයුතු කළයුතු නිසාවෙනි.

කැඩීබිඳී ගිය පවුර

අබලන්ව ඇති පැරැණි සීමාමාලකය


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]