මුද්‍රණය සඳහා

 
මොරටු සරසවියේ සිසු ගැටුමෙන් තුවාල ලබා 5 දෙනෙක් රෝහලේ

මොරටු සරසවියේ සිසු ගැටුමෙන් තුවාල ලබා 5 දෙනෙක් රෝහලේ

මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන සිසුන් සහ ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරන සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (30) දින රාත්‍රියේ ඇති වූ ගැටුමකදී 5දෙනෙකු තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට සහ මොරටුව ලුනාව රෝහලට ඇතුළත් කළ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

වෙසක් කූඩු ප්‍රදර්ශනයෙදි කූඩු නිර්මාණය වෙනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරන සිසුන්ගේ නම කූඩුවේ ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් උපාධි අපේක්ෂක සිසුන් විසින් නිර්මාණය කළ වෙසක් කූඩුව ඉදිරියේ පී. එස්. ඩී. සිසුන් යනුවෙන් නාමපුවරුවක් එල්ලීම නිසා දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවී විශ්වවිද්‍යාලය තුළදී දෙපිරිසම පහරදීම් කරගෙන ඇතැයි පොලිසිය පැවසීය.

මෙම සිදුවීමෙන් පසු ඊයේ පෙරවරුවේ සිට මොරටුව විශ්වවිද්‍යාලය වසා දමා ඇති අතර, සියලුම සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී ඇත.ඊයේ වන විට සිසුන් විශාල ප්‍රමාණයක් ඉවත්වී සිටි අතර, මෙම පහරදීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය මගින් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. පහරකෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු සුළු තුවාල සහිතව කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]