මරණ දැන්වීම්




 

ඇම්.ඒ.සී. පෙරේරා - නැසීගිය සුමනසිරි ජයසුන්දර මහතාගේ භාර්යාව වූද, නැසීගිය උපාලි, සුජීවා (රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව), හේමාලි (විවෘත විශ්ව විද්‍යාලය) ගේ මෑණියන් වූද, චන්දන (ෆර්ගසම්) අජිත් (මොරටුව විශ්ව විද්‍යාලය) ගේ නැන්දණිය වූද, විශ්මා, අනුකි සහ සිළුනි ගේ මිත්තණිය වූද කළගෙඩිහේන “සමන්” නිවසෙහි විසූ ඇම්.ඒ.සී. පෙරේරා විශ්‍රාමික ගුරු මාතාව අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 2010 ජුනි 1 දින සවස 4.00 මල්වත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

එච්.ආර්. චන්ද්‍රසේකර මැතිතුමා - අතුරුගිරිය, බෲක්ලන්ඩ්ස් හි පදිංචිව සිට නැසීගිය පියසීලි චන්ද්‍රසේකර මැතිනියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සරෝජා, ජනක සහ රසිකා යන අයගේ ආදරණීය පියාණන් වූද, නිහාල් අබේසිංහ, ඉන්දිකා ගුණවර්ධන, අරුණ අල්විස් යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, විශ්‍රාමලත් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් එච්.ආර්. චන්ද්‍රසේකර මැතිතුමා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු, වල්ගම - අතුරුගිරිය පොදු සුසාන භූමියේදී ජුනි මස 2 වෙනි බදාදා ප.ව. 5.00 ට සිදු කෙරේ. 2ඒ, හෝකන්දර පාර, කලල්ගොඩ, පන්නිපිටිය.

බර්නදෙත් අවුට්ස්කූන් (බර්ඩි) මහත්මිය - විශ්‍රාමලත් පොලිස් පරික්ෂක ලයනල් අවුට්ස්කූන්ගේ ආදරණීය බිරිඳ වූද, රූපට් (ජෙට්වින්ග් ආයුර්වේද පැවිලියන්ස්), ජෙෆ්රි (ගුරු මණ්ඩලය, මාරිස්ටෙල්ලා විදුහල, මීගමුව) සහ නැසීගිය කෝකිලාගේ දයාබර මෑණියන් වූද, බියංකාගේ දයාබර නැන්දණිය වූද, ඔමෙලා (ශිෂ්‍ය, ආවේමරියා කන්‍යාරාමය, මීගමුව) ගේ මිත්තණිය වූද බර්නදෙත් අවුට්ස්කූන් (බර්ඩි) මැතිණිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2010 ජුනි 2 වන බදාදා දින සවස 3.00 ට පෙරියමුල්ල, රෝ.ක. සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 6/ඒ, සෝන්ඩර්ස් පාර, මීගමුව. දුරකථනය 031-2232868.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා