එජාප මහ සමුළුව අගෝස්තුවට කල් යයි

එජාප මහ සමුළුව අගෝස්තුවට කල් යයි

ව්‍යවස්ථා සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනය අගෝස්තු මාසය දක්වා කල් යා හැකි බව එජාප ප්‍රතිසංවිධාන කමිටුව සඳහන් කරයි.

 එජාප ප්‍රතිසංවිධාන සම්බන්ධ පක්ෂ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ යෝජනා අනිද්දා දක්වා ලබා ගන්නා බවත් අනතුරුව මේ මස 05 දා ප්‍රතිසංවිධාන සම්බන්ධ පුළුල් අවසන් වාර්තාව සකසන බවත් ඒ මහතා අනාවරණය කළේය.

පක්ෂ පළාත් සභා හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් දැනටමත් පක්ෂ ප්‍රතිසංවිධාන සම්බන්ධ ලිඛිත හා වාචික යෝජනා ලබා දී ඇති බවද හෙතෙම කීය. අවසන් වාර්තාව සැකසීමෙන් පසු විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයකදී පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සාකච්ඡා කොට එකඟතාවට පැමිණ මහ සම්මේලනයේදී එය සම්මත කර ගන්නා බව ඒ මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා