මුද්‍රණය සඳහා

 
ආසියානු පාපන්දු සූරතාව ඕස්ට්‍රේලියාවට

ආසියානු පාපන්දු සූරතාව ඕස්ට්‍රේලියාවට

ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ පසුගිය සූරියන් වන උතුරු කොරියානු පිල පරාජයට පත්කළ ඕස්ට්‍රේලියානු පිල සූරතාව හිමිකර ගැනීමට සමත් විය.

තරගය නිමාවන විට 1 - 1 ක් ලෙස ගෝල් සමවීම නිසා දඬුවම් පහර මගින් ජය පරාජය තීරණය කිරීමට සිදුවූ අතර එහිදී ගෝල් 5 – 4 ක් ලෙස වාර්තා කොට ඕස්ට්‍රේලියානු පිල ජය ගත්තේ ය.

ලබන වසරේ ජර්මනියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා සූරතාවලිය සඳහා කණ්ඩායම් 2 ම සුදුසුකම් ලබා ගත්හ.

ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දු පිල විසින් ආසියානු පාපන්දු සූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

තරගමාලාවේ තුන්වැනි ස්ථානය තේරීම සඳහා ජපානය සහ චීනය අතර පැවැති තරගයේදී ගෝල් 2 - 0 ක් ලෙස ජය ගැනීමට ජපානය සමත් විය. ඒ අනුව ජපානය ද ලබන වසරේ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගමාලාව සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]