මුද්‍රණය සඳහා

 
එරාවුර්හි කනත්තක කිලෝ 5ක පුපුරන ද්‍රව්‍ය

එරාවුර්හි කනත්තක කිලෝ 5ක පුපුරන ද්‍රව්‍ය

එරාවුර් පොලිස් වසමේ කිරාන් පොදු සුසාන භූමිය අසල වළ දමා තිබූ කිලෝ පහමාරක් බරැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ තොගයක් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (31) සොයා ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවාවට ලැබුණු තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක  නලීන් ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ. ටී. එන්. ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක් ග්‍රෑම් 500 ආර්. පී. ජී. රොකට් උණ්ඩ 04 ක් චාජර් 04 පුද්ගල නාශක බෝම්බ 04 ක් සොයා ගත් අවි ආයුධ අතර තිබෙන බව එරාවුර් පොලිසිය පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]