මුද්‍රණය සඳහා

 
ගුවන් ගමන් තහනම් අයකු නිසා හදිසියේම යානයක් ගොඩ බාලා

ගුවන් ගමන් තහනම් අයකු නිසා හදිසියේම යානයක් ගොඩ බාලා

මෙක්සිකානු මගී ගුවන් යානයක් පෙරේදා හදිසියේ ම කැනඩාවේ මොන්ට්‍රියල් ගුවන් තොටුපොළට ගොඩ බා ඇත්තේ එක්සත් ජනපද ගුවන් ගමන් තහනම් ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයකු යැයි ප්‍රකාශිත මගියකු වහා ඉවත් කිරීම සඳහා ය.

අනාවරණය නොකළ මෙම පුද්ගලයා කැනේඩියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. පැරිසියේ සිට මෙක්සිකෝ සිටි බලා යමින් තිබූ ගුවන් යානය මෙසේ හදිසියේ ගොඩබෑමෙන් පසු සෙසු මගීන් ගමනේ ඉතිරි කොටස සඳහා ආපසු යානයට නංවා ගනු ලැබුණේ දැඩි සෝදිසියකින් පසුවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]