කොල්ලකාරී ධනවාදයට එරෙහිව ජන බලවේග එක්කළ මිනිසා

කොල්ලකාරී ධනවාදයට එරෙහිව ජන බලවේග එක්කළ මිනිසා

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසිනි

1970 මැතිවරණයෙන් පසු සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සමසමාජ, කොමියුනිස්ට් ප්‍රගතිශීලී කඳවුරෙහි ඒකරාශීවීමෙන් ය. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මෙන් ම මම ද මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වීමු.

ඔහු එම පාර්ලිමේන්තුවේ මතු නොව එතෙක් පැවැති ලාංකේය පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසය තුළ ද ළාබාල ම මන්ත්‍රීවරයා වූයේ ය. ඇන්. ඇම්., කොල්වින්, ඉලංගරත්න වැනි ප්‍රබල නායකයන් නියෝජනය කළ ආණ්ඩුවක අපද කොටස් කරුවෝ වශයෙන් කටයුතු කරමින් ජනතා හිතවාදී තීරණ ගැනීමට අවශ්‍ය පෙරටුගාමී ගාමක බලය සැපයූ වෙමු.

සමගි පෙරමුණු ආණ්ඩුව පෙරළීම සඳහා ආරම්භයේදී ම වාගේ ජ.වි.පෙ. මූලිකත්වයෙන් එල්ල කෙරුණු කැරැල්ල ලාංකේය දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. එතෙක් පැවැති දේශපාලනයට ආගන්තුක සිදුවීමක් වූ මේ කැරලිකාරීත්වය මූලික කොටගෙන එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ සංවාදයක් ආණ්ඩුව තුළින් ම මතු විය.

නවක මන්ත්‍රීවරයෙකු ලෙස රජයේ කොටස්කරුවකු වූ මහින්ද රාජපක්ෂ මහතා කැරැල්ල මානුෂිකව යටපත් කොට කැරලිකරුවන් පුනරුත්ථාපනය සඳහා යොමු කළ යුතුය යන ස්ථාවරය දැරුවේ ය. මෙය පැවැති දේශපාලන සන්දර්භය අනුව හා ඔහුගේ කෙටි දේශපාලන ඉතිහාසය අනුව ගනු ලැබූ නිර්භය තීන්දුවෙකි. එකල ද ඔහුට එවැනි ඍජු හා නිර්භය තීන්දුවක් ගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය නො අඩුව තිබිණි. ඉන්පසු ඔහු දේශපාලන වශයෙන් පරිණතවෙත් ම අවස්ථා ගණනාවක දී එම සුවිශේෂ නායකත්ව ගුණාංග ප්‍රදර්ශනය කළේ ය.

71 කැරැල්ලෙන් අනතුරුව ඇතිවුණු සුවිශේෂ තත්ත්වය තුළ දී බලයේ පැවැති සමගි පෙරමුණු රජයේ පාර්ශවකරුවෙකු වූ ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතයෙක් වූ මාද වග උත්තර කරුවෙකු කොට අත්අඩංගුවට ගැනීමට එම ආණ්ඩුව පසුබට නො වී ය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බලයේ සිටි බණ්ඩාරනායක අගමැතිනියට කරුණු දක්වමින් ප්‍රබල හඬක් නැඟූ රජයේ මන්ත්‍රීවරුන් ත්‍රිත්වය අතර මහින්ද රාජපක්ෂ, සරත් මුත්තෙට්ටුවේගම හා නන්ද එල්ලාවල යන මහත්වරු සිටියහ.

1983 ජූලි සංහාරය දඩමීමා කරගෙන එවකට බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන විසින් නව සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ අවස්ථාවේදී එම විරුද්ධ පක්‍ෂ තහනම් කිරීමට එරෙහිව මතයක් ගොඩනැඟීමටත්, විරුද්ධ පක්‍ෂ ක්‍රියාකාරීන් ආරක්‍ෂා කිරීමටත්, ඔහු විශාල දායකත්වයක් දැක්වූ බව කිසි දා අමතක කළ නො හැකි ය.

බලයේ සිටි එජාප රජයේ පාලකයා වූ ජනාධිපති ජයවර්ධන මහතා අතුරු මැතිවරණ දූෂිත ආකාරයෙන් පවත්වන විට විරුද්ධ පක්‍ෂ අතර අන්‍යොන්‍ය සබැඳියාවක් ඇතිකර ගනිමින් ඊට මුහුණ දීමට අපි ක්‍රියා කළෙමු. මා එලෙස ඇහැලියගොඩ ආසනය සඳහා අතුරු මැතිවරණයට පෙනී සිටින විට අප නියෝජනය කළේ ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නො වූව ද සමස්ත ප්‍රගතිශීලී කොටස්වල ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් කණ්ඩායම්වාදී නොවී පළල් මතයක් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය විවෘත මතයක් ඔහු විසින් ප්‍රකට කරන ලදී.

වාමාංශික හා ප්‍රගතිශීලී කොටස්වල මතවාදී හා අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මතුව එම පක්‍ෂ ක්‍රියාධරයන්ගේ බෙදීමක් ඇතිව අප නව සමසමාජ පක්‍ෂය ලෙස බෙදී ගිය අවස්ථාවේදී ඔහු සමාජයේ ක්‍රියාකාරී වූ සෑම කුඩා ප්‍රගතිශීලී කොටසක් සමඟ ම සහයෝගීව ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණේ ය.

1988 බලයට පත්වූ ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ රජය හා ජ. වි. පෙ. ය නැවත වරක් රට භීෂණ තත්ත්වයකට යොමු කළ අවස්ථාවේ දී ඔවුන් දෙකොටසගේ ම අන්තවාදය නිසා පීඩා විඳි අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජවිපෙ පැසිස්ට්වාදී අන්තවාදයෙන් හා රාජ්‍ය භීෂණයෙන් ජනතාව ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළේ ය.

මේ කාලයේදී රජයෙන් හා ජවිපෙන් එල්ල වූ තර්ජන මධ්‍යයේ මානව හිමිකම් කඩවීම් වාර්තා කොට ඒ පිළිබඳ ජිනීවා හි මානව හිමිකම් කොමිසම දැනුම්වත් කිරීමට මමත්, මහින්ද මහතාත් එක් ව ක්‍රියා කළෙමු. අප මෙලෙස එකතු කර ගත් තොරතුරු එම සංවිධානය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිය එක් අවස්ථාවකදී කටුනායක ගුවන් තොටුපොළේ දී අප අත්අඩංගුවට ගෙන අපගේ ගමන වැළැක්වීමට පේ‍්‍රමදාස මහතාගේ රජය ක්‍රියා කළේ ය.

එම සියලු බාධක මධ්‍යයේ තවදුරටත් අපගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යමින් මහින්ද රාජපක්‍ෂ මහතා සහ මම අතුරුදහන් වූවන්ගේ මාපිය දූ දරු සංවිධානය සමඟ එක්ව 88 – 89 භීෂණ සමයේ ලංකාවේ දස දෙසින් වාර්තා වූ පුද්ගල පැහැර ගැනීම් පිළිබඳ තොරතුරු රැස්කර ජාත්‍යන්තර මානව හිමිකම් කමිටුව වෙත යොමු කිරීමට ක්‍රියා කළෙමු. ඒවායෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජිනීවා හි මානව හිමිකම් කමිටුව රජයේ පාර්ශ්වයෙන් කරුණු විමසා සිටියේ ය. එමඟින් එවකට එක්සත් ජාතික පක්‍ෂ රජය ගෙන ගිය මර්දනකාරී ක්‍රියාමාර්ග නැවැත්වීමට අපට හැකි විය.

මානව හිමිකම් ක්ෂේත්‍රය පිළිබඳ නිරන්තර උනන්දුවක් දැක්වූවෙකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා තරයේ විශ්වාස කළ කරුණක් වූයේ එක්සත් ජාතික පක්‍ෂය ගෙන ගිය භීෂණකාරී වාතාවරණය නැවැත්වීමට මේ ක්‍රියාකාරීත්වය පමණක් ප්‍රමාණවත් නො වන බවත්, ඉදිරියේදී ද එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා කළ යුත්තේ එම පාලන ක්‍රමය බිඳ දමා පොදුජන හිතවාදී පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතු බවත් ය.

එය රජය යටතේ තබා ගැනීමට ක්‍රියා කළේ ය. ඉන්පසු කම්කරු අමාත්‍යධූරයේ වගකීම ඔහුගෙන් අහෝසි කොට ධීවර අමාත්‍යාංශය මහින්ද රාජපක්‍ෂ මහතාට පවරනු ලැබු විට සුළු ධීවරයන්ග් අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කළේ ය. එහිදී ඔහු එම ක්ෂේත්‍රයට දැක් වූ අද්වීතිය සේවය මීගමුව සිට හලාවත දක්වා වූ සියලු මීසම්වල පියතුමන්ලා අදට ද ගෞරවයෙන් සිහි කරති. මෙලෙස ඔහුට වගකීමක් පැවරුණු සෑමවිටක ම එය පෑගෙන පීඩිත ජන කොටස්වලට සහනයක් සැලසෙන අයුරින් ක්‍රියාකිරීමට හේ විමසිලිමත් විය.

2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත්වීම වැළැක්වීමට පක්‍ෂය තුළින් ද කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේ ය. එහෙත් මහින්ද රාජපක්‍ෂයන් වටා ජනතාව දසදෙසින් විශ්වාසය තබා පෙළ ගැසෙන විට ඔහුගේ ගමන වැළැක්වීමට එම දුෂ්ට බලවේගවලට නොහැකි විය.

ඉන්පසු අධිරාජ්‍ය ගැති බලවේග ඔහු සිංහල ජාතිකවාදය ගෙන යන කෙනෙකි යන මතය පටබැඳීමට උත්සුක විය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ සම සහෝදරත්වය අගය කළ මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය නායකයා සියලු ජනයාගේ අයීතින් වෙනුවෙන් නොකර බැරි යුද්ධයට පැටලුණු විට එය නිමාකොට මෙරටට සාමය උදා කිරීමට මූලික වූයේ ය.

ඉන්පසු ඇරඹුණේ අලුත් යුගයකි. මේ කාලය තුළදී ඔහු නැවත නැවතත් සියලු ජාතීන්ගේ අයීතින් තහවුරු කොට ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ක්‍රියා කළේ ය. උදුලාගම වැනි කොමිෂන් සභා ඇති කොට එම කාලයේ දී සිදුවු අක්‍රමිකතාවන් සොයා බැලීමට ක්‍රියා කළේ ය.

යුද්ධය නිමාවීමෙන් පසු එල්ටීටීඊය සම්බන්ධවීම නිසා අත්අඩංගුවට ගැනුණු සහ භාරවුණු තරුණයන් නො පමාව පුනරුත්ථාපනය කොට ඔවුන්ට රැකියා සහ නිවාස පහසුකම් ලබා දෙමින් යළිත් පුරවැසියන් ලෙස නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ ය.

තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ සිට ම පලස්තීන සහයෝගීතා පෙරමුණ, සෝවියට් මිත්‍ර සංගමය, වියට්නාම මිත්‍ර සංගමය යනාදීයේ කටයුතු කරමින් ජාත්‍යන්තරය තුළ ප්‍රගිතීලි කඳවුර ශක්තිමත් කිරීමට ක්‍රියා කළේ ය.

කිසිවිටෙකත් අධිරාජ්‍යවාදී බලවේග ඉදිරියේ නො නැමුණු මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය නායකයා 2005 දී හා 2010 දී නැවත බලයට පත්වූ අවස්ථාවන්හිදී වෙනිසියුලාව, යුගෝස්ලෝවියාව, ඉරානය ආදි බටහිර ගැති නොවන රටවල් සමඟ සබඳතාවක් ඇතිකර ගැනීමට ක්‍රියා කළේ ය.

චන්දන ජයවීරඑක්සත් ජාතික පක්ෂ රජය විසින් ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින් ම බෙලහීනකොට එහි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන මර්දනකාරී පාලනයක් ගොඩනඟා ගෙන තිබුණු නිසා නැවත එම විපක්ෂය තුළ උද්යෝගයක් ඇති කොට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ජවය සහිත පක්ෂයක් බවට පරිවර්තනය කිරීම ඉතා අසීරු කටයුත්තක් විය.

විපක්ෂයේ සියලු ක්‍රියාකාරීන්ගේ ශක්තිය ඒකරාශී කොට පොදු අරමුණක් සඳහා මෙහෙයවීමට ඔහු නායකත්වය දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයේ දහහත් වසරක මර්දනකාරී පාලනය බිඳ දැමිය හැකිවූයේ එලෙස ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද කොළඹ සිට කතරගමට ගිය පාද යාත්‍රාව නිසා ය. මෙමගින් විපක්ෂ ක්‍රියාකාරීන්ට විශාල උත්තේජනයක් ලැබිණි.

නිර්මාණශීලී පුද්ගලයකු වූ මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසුව ජන ඝෝෂා, මිනිස් දම්වැල් යන විරෝධතාවයන් හරහා ක්‍රමානුකූ®ලව පොදු ජනයාගේ හදමනස, පැවැති රජයට එරෙහිව අවදි කරන්නට සමත් වූයේය.

සංවාද සටහන

චන්දන ජයවීර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්


___ ___
___ ___
___ ___
___ ___