මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්




 

ඊ. පී. නානායක්කාර මැතිතුමා රයිට් ටයිම් වෙළඳ ව්‍යාපාරය, ප්‍රවීනා ටෙක්ස්ටයිල්, ජී. සී. සමරවීර පිරවුම් හල අධිපති වූද, අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ සභාපති වූද, සාම විනිසුරු චාන්දනී සමරවීරගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ (ගුවන් හමුදාව) පියාසර ලුතිතන් සුදර්ශන නානායක්කාර ගේ සහ සෙව්වන්ද නානායක්කාරගේ ආදරණීය පියාණන් වූද, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහ දිල්කි එන්ටර්ප්‍රයිසස් අධිපති සුරංග සෙනෙවිරත්න මහතාගේ දයාබර මාමණ්ඩිය වූද, ඩිල්ෂාන් සෙනෙවිරත්න (ශාන්ත පීතර විදුහල), දිල්කි සෙනෙවිරත්න (ශුද්ධවූ පවුලේ කන්‍යා රාමය) යන අයගේ ආදරණීය සීයා වූද, පමුණුවිල - පමුණුවිල පාරේ අංක 3 /118 නිවසේ විසූ ඊ. පී. නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2010 ජූනි මස 09 වන දින සවස 4.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. (නිවසින් පිටත්වීම සවස 3.00 ට).

එච්. ඩබ්ලිව්. ස්වර්නලතා වීරසිංහ ගුරු මෑණියන් - මොණරාගල නක්කල මැදිරිය හංදිය විසූ නැසීගිය එච්. ඩබ්ලිව්. විල්බට් වීරසිංහ මහතාගේ සහ කේ. පී. සීලවතී මැතිණියගේ දෙටු දියණිය වන මාලිගාතැන්න මහා විද්‍යාලයේ සේවයේ නියුතු එච්. ඩබ්ලිව්. ස්වර්නලතා වීරසිංහ ගුරු මෑණියන් අභාවප්‍රාප්ත විය. දේහය කඩුවෙල කොතලාවල ගලඋඩ පාරේ අංක 260/ඒ/1 නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 2010 ජුනි මස 9 වන දින (එනම් බදාදා) සවස 4.30 ට කොතලාවල ගැමුණුපුර ආදාහනාගාරයේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් එන්. බී. හිග්ගොඩ (ස්වාමිපුරුෂයා) - හැටන් නැෂනල් බැංකුව) කලණ හිග්ගොඩ (පුතා) සහන් හිග්ගොඩ පුතා

ස්ටැනිස්ලෝස් - ඩබ්ලිව් දොන් - උපමල්ලිකා දිසානායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, ශාන්ත, නිමල්සිරි (රජී), රංජිනී, කාන්ති, ලෙනාඩ්, ජූඩ් යන අයගේ දයාබර පියාණන් වූද, ඩබ්ලිව් දොන් ස්ටැනිස්ලෝස් මහතා 06.06.2010 වැනි දින ස්වර්ගස්ථ විය. අදාළ භූමදාන කටයුතු 2010 ජුනි මස 08 වැනි අඟහරුවාදා ශාන්ත තෝමස් දෙව්මැදුර සුසාන භූමියේදී පිටකෝට්ටේ පස්වරු 4.00 ට සිදු කරනු ලැබේ. අවමඟුල් පෙරහැර එදින පස්වරු 3.30 ට,පිටකෝට්ටේ, බැද්දගානේ දෙවන පටුමගේ අංක 14 දරන නිවසින් පිටත්වේ.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]