මුද්‍රණය සඳහා

 
කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති ශවේන්ද්‍ර

කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති ශවේන්ද්‍ර

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොමාන්ඩෝ බළකායේ 6 වැනි රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් අද (8) වැඩ බාරගනී.

උතුරු මානුෂීය මෙහෙයුමේදී 58 බළසේනාංකාධිපති ලෙස කටයුතු කරමින් සිටියදීම කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බළ සේනාධිපති ලෙසද කටයුතු කරමින් එම මෙහෙයුම විජයග්‍රණය කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළ සෙන්පතියෙකි. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරය ද දරමින් සිටී.

ගනේමුල්ල කොමාන්ඩෝ බළකා මූලස්ථානයේදී අද වැඩ භාරගන්නා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් සහ ආචාර පෙළපාළියක් ද පැවැත්වීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]