තිස්ස ඒකනායක මහතා පාර්ලිමේන්තු කොමසාරිස් ලෙස දිව්රුම් දුන් අයුරු.

 


විශ්‍රාමික මහාධිකරණ විනිසුරු තිස්ස ඒකනායක මහතා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වරයා ලෙස පත් කිරීමෙන් පසු ඊයේ (17) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවේ දිව්රුම් දුන් අයුරු. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

 

ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ෂෙල් සමාගමේ වැඩි කොටස් රජයට

ෂෙල් ගෑස් ලංකා සමාගම සතු කොටස්වලින් සියයට 51ක් යළි අත්පත් කැර ගැනීමට රජය තීරණය කැර ඇත. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව සිටින රජය, මෙයට ඉහතදී එසේ පෞද්ගලීකරණය කැර තිබූ දේපළ යළි අත්පත් කැර ගැනීමට ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණය මත මේ තීරණයට එළැඹි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.ඇමැතිවරයා මෙසේ පැවැසුවේ....

විස්තර »

විජයග්‍රහණයේ සැමරුම අදයි

සෑම නිවෙසකම පහනක් දල්වා
රණවිරුවන්ට උපහාර පුදන්න

රණවිරු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි

රණවිරුවන්ට උපහාර පිදෙන විජයග්‍රහණයේ පළමු ජාතික සැමරුම් උත්සවයේ සමාරම්භක පෙළපාළිය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (18) පෙරවරුවේ විචිත්‍රවත් අයුරින් පැවැත්වෙයි. එදිනම පස්වරු 4.30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය අභියසදී විශේෂ රණවිරු සැමරුම් උත්සවය පවත්වනු ලබයි.වීරෝදාර රණවිරුවන්ට ජාතියේ උපහාර පුදකෙරෙන රණවිරු උළෙල හා සමාරම්භක පෙළපාළිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු...

විස්තර »

රණවිරුවන්ගේ ගෞරවය රැකදීම
මුළු මහත් ජාතියේම වගකීමක්

- ජනපති

රණවිරුවන්ගේ ගෞරවයත්, අභිමානයත් රැකදීම ජාතියේම වගකීමක් බැවින් රණවිරු සුබසාධනය රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස වගකීමෙන් ඉටුකරන්න බව ජාතික රණවිරු දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. නිදහස් කරගත් අප මාතෘභූමියේ කිසිදු බෙදුම්වාදයකට, ත්‍රස්තවාදයකට යළි මංපෙත් විවර නොවන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පණිවිඩයේ සඳහන් කරයි. එම පණිවිඩය මෙසේය.

විස්තර »

දැය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්
සැමරීම ජාතියේ යුතුකමයි

- ආරක්ෂක ලේකම්

දැය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සැමරීම ජාතික යුතුකමක් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික සැමරුම් වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි මෙසේද වේ. අප මාතෘ භූමියේ ජීවත්වන සමස්ත ජනතාවගේම නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් වීරෝදාර රණවිරුවන් තම උතුම් ජීවිතය පරිත්‍යාග කොට ඇත. අද දවසේ අප සියලු දෙනාටම සාමකාමී පරිසරයක ජීවත්වීම උදෙසා දීර්ඝ කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැදි රණවිරුවන්ගේ කැපකිරීම සුවිශේෂී වේ.

විස්තර »

රුවන් සුදුසුකම් සපුරන තුරු
නායකත්වයෙන් ඉවත් වෙන්නේ නෑ

- විපක්ෂ නායක

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියකු වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වීමට සුදුසු තත්ත්වයකට පැමිණෙන තෙක් නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති පවුල් වලින් පිටස්තර කෙනකුට පැවරීමට කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් නැති බව පක්ෂ මන්ත්‍රීවරු පවසති.

විස්තර »

ප්‍රභාගේ විශාල ඡායාරූපයක් සමඟ
සිංහල ජාතිකයෙක් අත් අඩංගුවට

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් පුත්තලම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකින් සකසා ගෙන ත්‍රිරෝද රථයකින් සිය නිවෙස කරා රැගෙන යමින් සිටි තරුණයකු පුත්තලම පොලිසිය මගින් පෙරේදා (16) අත් අඩංගුවට ගෙන තිබේ. මේ පුද්ගලයා පුත්තලම කල්අඩිය ප්‍රදේශ පදිංචි සිංහල ජාතිකයෙකි. ප්‍රභාකරන්ගේ් රුව සහිත ඉතා කුඩා ප්‍රමාණයේ ඡායාරූපයක් මෙම ඡායාරූප ශාලාවට දී එය ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන අලංකාර ලෙස සකසා තිබිණ.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
හීනෙන් රනිල් අපේ ගෙදර රෑ ආවා
සැමන් සමඟ බත් කන්නට මං කීවා
සල්මන් වගෙ සැමන් තමයි බං ඕවා
කියා රනිල් බත් ටික විතරක් කෑවා