එජාප ප්‍රතිසංවිධාන වැඩ මේ වනවිට 90%කින් අවසන්

එජාප ප්‍රතිසංවිධාන වැඩ මේ වනවිට 90%කින් අවසන්

- ප්‍රතිසංවිධාන කමිටු සභාපති

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සියයට අනූවක් මේ වන විට අවසන් බව එම කමිටුව අවධාරණය කරයි. එජාප ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්‍ෂයට සම්බන්ධ බොහෝ දෙනොගෙන් පක්‍ෂය ගොඩ නගන ආකාරය පිළිබඳව තොරතුරු ලිඛිතව හා වාචිකව ලබාගෙන ඇතැයි කමිටුවේ සභාපති ජෝෂප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කෙළේ ය.

මේ මස 22 දා පළාත් සභා මන්ත්‍රීවරුන් ගෙන් පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගන්නා බවත් ඉන් අනතුරුව ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම අවසන් කරන බවත්, හෙතෙම සඳහන් කෙළේ ය.

එජාප ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ඇතැමුන් විවිධ ප්‍රකාශ කළ ද තම කමිටුව ස්වාධීනව සෑම දෙනාගේම අදහස් වලට ගරු කරමින් රහස්‍ය භාවයෙන් ක්‍රියා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා