මුද්‍රණය සඳහා

 
රැකියා ලබාදීමට මුදල් ලබා ගත්තැයි සැකකාරිය 22 වැනිදා තෙක් රිමාන්ඩ්

රැකියා ලබාදීමට මුදල් ලබා ගත්තැයි සැකකාරිය 22 වැනිදා තෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා ග්‍රාම සේවා නිලධාරි තනතුරු ලබාදිය හැකි බව පවසමින් ගම්බද තරුණයන් මුලාකැර මුදල් වංචා කළ සැකකාරියක් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (08) නියෝග කළාය. රත්නපුර ශ්‍රීපාද මාවතේ පදිංචි චන්ද්‍රිකා හෙට්ටිආරච්චි බණ්ඩාර නැමති සැකකාරිය එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රියදුරු, කම්කරු රැකියා හා ග්‍රාම නිලධාරි තනතුරු ලබාදෙන බව පවසා සැකකාරිය මුදල් රුපියල් දෙලක්ෂ අසූහත් දහසක් ලබාගත් බවට තරුණයන් සිවු දෙනෙකුගෙන් ලද පැමිණිලි මත කොල්ලුපිටිය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

රැකියා ලබා ගැනීම සඳහා කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළදී පැමිණිලිකාර තරුණයන් මෙම සැකකාරියට ඉහත මුදල ලබාදී ඇති බව පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]