මුද්‍රණය සඳහා

 
මට්ටක්කුලිය පොලිසියට පහර දුන් සැකකරුවෙක් හඳුනා ගැනේ

මට්ටක්කුලිය පොලිසියට පහර දුන් සැකකරුවෙක් හඳුනා ගැනේ

පසුගිය සෙනසුරාදා සවස මට්ටක්කුලිය පොලිසියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ (08) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලදුව එක් සැකකරුවකු සාක්ෂිකරුවන් සිවු දෙනෙකු විසින් හඳුනා ගන්නා ලදී.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඇලෙක් රාජා මහතා ඉදිරියේ මෙම හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්වූ අතර සාක්ෂිකරුවන් හැටියට පොලිස් නිලධාරීන් තුන්දෙනකු සහ එක් පොලිස් සහායකුද ඉදිරිපත් වී තිබිණ. ප්‍රදේශයේ ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් මෙම ගැටුමට මුල්වී ඇතැයි වාර්තා විය.

හඳුනාගත් ඇන්තනි නමැත්තා පසුව කොළඹ අලුත්කඩේ අංක 56 උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]