|
||
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න එ.ජා. සංවිධානයට බෑ- පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට කිසිදු අයිතියක් නැතැයි පලස්තීන රජය අවධාරණය කරයි. මෙරට සිටින පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා මහතා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (08) හමුවූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කෙළේය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන ඕනෑම බලපෑමකදී ඊට එරෙහිව සහාය ලබාදීමට තම රජය සූදානම් බවද හෙතෙම කීවේය.
අපක්‍ෂපාති මධ්‍යස්ථ ආයතනයක් ලෙස පෙනී සිටින ජගත් සංවිධානය සැබැවින්ම බලවත් රටවල
ඕනෑ එපාකම් අනුව ක්‍රියාකරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
තීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ දැඩි මිත්‍රත්වය ගොඩනඟා ගනිමින්, සෑම ප්‍රශ්නයකදීම එකට
සිටීම ගැන පලස්තීනයට ශ්‍රී ලංකාවේ ස්තූතිය පිරිනමන බව අගමැති දි. මු. ජයරත්න මහතා
ප්‍රකාශ කළේය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |