ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයන් හට Pre-Paid Bonanza  ප්‍රතිලාභ


ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයන් හට Pre-Paid Bonanza  ප්‍රතිලාභ

මිලියන 6කට අධික ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයින් හට ඩයලොග් නවතම හඳුන්වාදීම වන පී‍්‍රපේඩ් බොනැන්සා Pre-Paid Bonanza සේවාව තුලින් ඇමතුම් ගාස්තු 50% කින් අඩු වීමක් සහ වෙනත් ප්‍රතිලාභ රැසක් ලබා දී ඇත.

ඒ අනුව පෙර ගෙවුම් පාරිභෝගිකයින් හට ඕනෑම පෙර ගෙවුම් සබඳතාවයක රී-ලෝඩ් වටිනාකම අනුව ඇමතුම් සහ sms ගාස්තු සඳහා වට්ටම් හිමි වේ. ඩයලොග් හි මෙම නවතම හඳුන්වාදීම සමගින් ඩයලොග් පෙර ගෙවුම් සේවාව ශ්‍රී ලංකවේ සෑම පලාතකම සිටින ජංගම දුරකථන පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි ජංගම දුරකථන සේවාව බවට පත් වේ.

ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයින් විසින් රුපියල් 100ක රී-ලෝඩ් කිරීමේදී ඇමතුම් ගාස්තු සඳහා 50%ක වට්ටමක්ද sms සඳහා 75%ක වට්ටමක්ද හිමිවනු ඇත. රුපියල් 100 රී-ලෝඩ් කිරීමක් සඳහා හිමිවන වට්ටම් වලංගු කාලය දින 7කි. රුපියල් 100ට වැඩි සෑම රී ලෝඩ් කිරීමක් සඳහාම වට්ටම් වලංගු කාලය දින 28 කි.  ඩයලොග් ජාලය තුල ගනු ලබන ඇමතුම් සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියලක් වන අතර වෙත් ජාලයන්ට ගනු ලබන ඇමතුම් සඳහා අයකරනු ලබන ගාස්තු රුපියල් 2 කි.

“ මැතකදී නිවේදනයට පත්කෙරුනු අවම ඇමතුම් ගාස්තු, ජංගම දුරකථන ක්ෂේත්‍රයේ දිගු කාලීන ස්ථාවරත්වයට හේතුවනවා. එය විදුලි සංදේශ වැනි ක්ෂේත්‍රයක වර්ධනය සඳහා තීරණාත්මක සාධකයක්. දිගු කාලීන ආයෝජකයින්ට දැන් වෙළඳපල වර්ධනය සහ ආවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකියි. වෙළඳපල වර්ධනය සහ ආවරණය හේතුවෙන්, සේවාවන් වඩාත් දැරිය හැකි මිලකට රටේ සියළු දෙනාටම ලබාගත හැකි වනවා.

ඩයලොග් Pre-Paid Bonanza මගින් සියළු වෙළඳපල ස්ථරයන් තුළ ජංගම දුරකථන සේවා සඳහා ඇති ඉල්ලුම සහ භාවිතය වැඩි කරනු ලබන වේගය තහවුරු කරන බව අපට විශ්වාසයි “ යැයි Pre-Paid Bonanza හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජයසූරිය පැවසීය.

“ ඩයලොග් විසින් නවතම සන්නිවේදන තාක්ෂණය ශ්‍රී ලාංකීකයන්ට අඛණ්ඩව ලබාදීම තවදුරටත් සිදුකරනවා. අපගේ ඇමතුම් සේවා සහ HSPA+ තාක්ෂණය මත පදනම් වූ අධි වේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා විසින් අති නවීන විදුලි සංදේශ සේවාවන් සියළු දෙනාට දැරිය හැකි සේවාවන් බවට පත්කිරීම අඛණ්ඩව සිදුකරනවා ඇති” යැයි ඔඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා