ෆ්ලයි ස්මයිල් සමඟින් ලන්ඩන්-මිලාන්-රෝමයට අඩු මිලට ගුවන් ගමන්


ෆ්ලයි ස්මයිල් සමඟින් ලන්ඩන්-මිලාන්-රෝමයට අඩු මිලට ගුවන් ගමන්

ගී‍්‍රෂ්මය ගෙවී යුරෝපයට උදාවන සරත් සමයේ අසිරිය ඉදිරි දෙමසේ දී විඳ ගැන්මට අවස්ථාවක් උදාකරන පහසු පැකේජයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉදිරිපත් කෙරී තිබේ. මේ අනුව “ෆ්ලයිස්මයිල්” නම් වැඩසටහනට අනුගතව ලන්ඩන් මිලාන් හා රෝමය යන යුරෝපීය ගමනාන්ත කරා අඩු මිලට ගුවනින් යා හැකි අවස්ථාවක් උදාවී ඇත.

මෙහිදී රුපියල් 50,000 කින් ලන්ඩන් බලාද මිලාන් හෝ රෝමය වෙත රුපියල් 40,000 කින් ගමන් කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ මෙම මුදලට අදාළ ගමනාන්තයන් කරා යාමට ෆ්ලයිස්මයිල් සැතපුම් ප්‍රමාණයක් උපයා තිබිය යුතු වීම ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිතා කරන වාරයක් පාසා යමෙකු ගමනේ යෙදෙන හැම සැතැප්මක්ම “ෆ්ලයිස්මයිල්” ගිණුමට සැතපුමක් ලෙස බැර කෙරේ. ව්‍යාපාරික පංතියේ ගමන්ගන්නා අයෙකුට 50% ක සැතපුම් ප්‍රමාණයක් අතිරේකව එක්වේ. මෙහිදී සැතපුම් ගිනුමේ ප්‍රමාණය අනුව නීල්, රිදී හා රන් සාමාජිකත්ව හිමිවන අතර ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා අයෙකුට අතිරේක වාසිය නිසා ඉක්මනින් රන් සාමාජිකත්වයට ළඟා විය හැකි ය.

මේ අනුව ෆ්ලයිස්මයිල් සැතපුම් ගිණුමේ සැතපුම් 20,000 ක් සපිරුණු පුද්ගලයකුට රු. 50,000 කින් ලන්ඩනය වෙතද සැතපුම් 15,000 ක් සපුරාලන පුද්ගලයකුට රුපියල් 40,000 කින් රෝමය හෝ මිලාන් වෙතද යා හැකිය. මෙම ප්‍රවර්ධන පැකේජය සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා වලංගු වන අතර එම කාලයේ දී ගුවන් ගමනේ යෙදිය යුතුය. මෙහිදී ආසන වෙන් කරන අවස්ථාවේ පවත්නා තත්ත්වයන් අනුව ආසන හිමිකම් තහවුරු කෙරේ.

මෙම කාලසීමාව ලන්ඩනය මිලාන් හා රෝමයේ විවිධ උත්සව පවත්නා සමය බැවින් ඒවාට සහභාගි වි ඒවායේ අසිරිය මෙන්ම වාසියද අත්පත් කැර ගත හැකි අතර හිමිවන “ෆ්ලයිස්මයිල්” සාමාජිකත්ව වර්ගය අනුව ත්‍යාග හා වරප්‍රසාද හිමිකැර ගැනීමට ද අවස්ථාව ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා