ආර්පිකෝ සිය සුපිරි වෙළෙඳ බළකාය අගයයි

ආර්පිකෝ සිය සුපිරි වෙළෙඳ බළකාය අගයයි

රිචඩ් පීරිස් සහ සමාගම (ආර්පිකෝ) විසින් සිය වාර්ෂික වෙළෙඳ සම්මන්ත්‍රණය හා ත්‍යාග ප්‍රදානෝත්සවය වෝටස් ඒජ් හිදී පවත්වන ලදී. තවත් සාර්ථක වසරක් සනිටුහන් කරමින් පැවැති මේ උත්කර්ෂවත් උළලේ දී සමගාමේ සුපිරි ක්‍රියාකාරීන් ඇගැයීමට ලක් කරන ලදී. එපමණක් ද නොව සමාගමේ ඉදිරි මෙහෙයුම් සාකච්ඡාවට බඳුන් කිරීම ද මෙම උළෙලේ දී සිදු වූ තවත් වැදගත් අංගයකි. එම සැලැසුම් දීප්තිමත් අනාගතයක් සමාගමට මෙන්ම රටටද උරුම කර දෙන්නක් වේ.

චිරස්ථායී සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කරමින් මෙම අවස්ථාවේ දී ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රවීර් සමරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ (දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශය) සුනිල් ලියනගේ මහතා, බෙදාහැරීම් අධ්‍යක්ෂ ශාන්ත කුලරත්න මහතා මෙහි දී අදහස් දැක්වූහ.

ආරාධිත අමුත්තා ලෙස පැමිණි සභාපති, ප්‍රධාන විධායක නිලධාරි, ආර්පිකෝ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේන යද්දෙහිගේ මුලසුන හෙබවීය. දීප ව්‍යාප්ත අලෙවි හා බෙදාහැරීම් අංශයන් නියෝජනය කරමින් නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කළ සේවක පිරිස් වෙත රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමන ලදී.

මෙහි දී දකින්නට ලැබුණු තවත් විශේෂත්වයක් වන්නේ සැලකිය යුතු පමණින් උතුරු නැඟෙනහිර නියෝජනයක් එක්ව සිටීමයි. ගෘහ භාණ්ඩ, ඒකාබද්ධ, හාඩ්වෙයාර් යන අංශ සඳහා විශිෂ්ටතම වෙළෙඳ ඉලක්කයන් සඳහා රන් තිළිණ ලැබුවෝ පිළිවෙළින් රවීන්ද්‍ර ජයසේන, ටී. සුරේෂ් සහ නයන ප්‍රනාන්දු යන ප්‍රාදේශීය අලෙවි සම්බන්ධීකරණ නිලධාරි මහතුන්ය.

ඉහත සඳහන් අංශ නියෝජනය කරමින් විශිෂ්ටතම බෙදාහැරීමේ ඉලක්කයන් සනිටුහන් කෙළේ නිකවැරටියේ ජෝර්ජ් විජේසිංහ ඩියුරබල් ඩිස්ට්‍රිබියුටර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජ් විජේසිංහ, ASL  ඩිස්ට්‍රිබියුටර්ස් කටුනේරිය හි අධිපති , එස්. ජේ. සුනිල් ශාන්ත සහ වව්නියාවේ විනයාර් ට්‍රේඩින් කොම්ප්ලෙක්ස් හි අධිපති එස්. සෙල්වරාජා යන ආර්පිකෝ බෙදාහැරීමේ නියෝජිත මහතුන්ය. 2009 / 10 වසර සඳහා විශිෂ්ටතම ප්‍රාදේශීය වෙළෙඳ කළමනාකරු ලෙස සම්මාන ලැබුවේ චින්තක රත්නායක මහතායි.

මේ අතර ආර්පිකෝ නියෝජනය කරනු ලබන ඉහළ සේවා තත්ත්ව රැක ගනිමින් වඩ වඩාත් ඉහළ තලයකට ඔසවා තබන හේතුවෙන් කැපවුණ සේවක පිරිස සඳහා සිංගප්පූරු අධ්‍යයන චාරිකා පිරිනමන ලදී. ආර්පිකෝ සමූහ ව්‍යාපාරය ගත් කල, නිෂ්පාදන හා බෙදාහැරීමේ අංශයෙන් සිදු වන්නේ ඉමහත් සේවාවකි. ඔවුනගේ ප්‍රමුඛ නිෂ්පාදන වන මෙට්ට, ජල ටැංකි, ජල පොම්ප, රිජිෆෝම්, රබර් නිෂ්පාදන හා ගෘහ භාණ්ඩ ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන් අබිබවා යන්නක් වේ. ඒ සියල්ල සැලැසුම් වන්නේ කොළඹ, මත්තේගොඩ, මහනුවර, කොග්ගල සහ දඹුල්ල පිහිටි කර්මාන්ත ශාලාවලදී ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා