විදුලි කාර්මික ශිල්පීන්ට පරිපථ සැකසුම් පුහුණු වැඩමුළු

විදුලි කාර්මික ශිල්පීන්ට පරිපථ සැකසුම් පුහුණු වැඩමුළු

විදුලි කාර්මික ශිල්පීන්ට නියම ආකාරයෙන් ගෘහ විදුලි පරිපථ හා කර්මාන්ත විදුලි පරිපථ සැකැසීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් කැලණි කේබල් පුද්ගලික සමාගම පසුගියදා අනුරාධපුර කැසරෝල් හෝ්ටලයේ දී නොමිලයේ පවත්වන ලදී.

මෙම වැඩමුලුවට අනුරාධපුරය ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් 201 දෙනෙකු සහභාගි වූ බව කැලණි කේබල් ආයතනයේ සන්නාම ප්‍රවර්ධන කළමනාකරු චන්න ජයසිංහ මහතා පැවැසීය. කැලණි කේබල් පුද්ගලික සමාගමේ කැලණි විසුර සංගමයේ සාමාජිකත්වය ලැබුවත් හට මෙවැනි වැඩමුළුවලට නොමිලයේ ම සහභාගි විය හැකිය.

කැලණි කේබල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත කැලණි විසුර සංගමය ආරම්භ කොට ඇත. මෙම සංගමයේ සාමාජිකත්වය ඕනෑම විදුලි කාර්මික ශිල්පියකුට නොමිලයේ ලබා ගත හැකිය. පසුගිය ජූනි, ජූලි මාස දෙක තුළ පමණක් බදුල්ල, නුවරඑළිය යන ප්‍රදේශවල විදුලි කාර්මික ශිල්පීන් 325 දෙනෙකුට නොමිලයේ පුහුණුව ලබා දී ඇත.

නියම ආකාරයෙන් විදුලි පරිපථ සකස් කිරීමේ වැඩසටහන සමාජ වගකීමක් ලෙස විදුලි කාර්මික මහතුන් සඳහාම සෑම මසකම ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. පිළිගත් රජයේ වරලත් ඉංජිනේරු මහත්වරුන් සම්මන්ත්‍රණයට සහභාගි වන අතර අලුතින් ලෝකයේ හඳුනාගත් නිවාස වයරිං කිරීම පිළිබඳ තාක්ෂණ පුහුණුව ලබා දීමට පියවර ගනු ඇත.

කැලණි විසුර සංගමයේ සාමාජිකයන්ට රක්ෂණ ආවරණයක් ලබා දෙන අතර දුවා දරුවනට ශිෂ්‍යයත්ව පිරිනැමීමටද පියවර ගන්නා බව චන්න ජයසිංහ මහතා පැවැසීය.

කැලණි කේබල් පුද්ගලික සමාගම මගින් පැවැත් වූ වැඩමුළුවට ෂජලි කාර්මික මහත්වරු සහභාගි වූ අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා