මුද්‍රණය සඳහා

 
මරද මඩු දේව මාතාව සදා රැක ගනිමු

මරද මඩු දේව මාතාව සදා රැක ගනිමු

ඩු දේව මාතාව වන්දනාමාන කිරීමට මේ දිනවල කිතුණු බැතිමත්හු මඩු දේවස්ථානයට ශ්‍රී ලංකාවේ සිව් දිගින්ම පැමිණෙති.නිදහසේ මඩු මාතාව වන්දනා කිරීමට අද වන විට අවස්ථාව බැතිමතුනට උදාවී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාව යුද්ධය අවසන් කර මව් බිමට සැබෑ විමුක්තිය ලබා දුන් නිසාය.

එවකට යුද හමුදාවේ වන්නි ආඥාපතිව සිටි පසුකාලීනව යුද හමුදාපති වූ ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල විසින් දැවැන්ත යුද මෙහෙයුමකින් ත්‍රස්තවාදීන් පලවා හැර මඩු දේවස්ථානය ප්‍රමුඛ එම පළාතටම සැබෑ විමුක්තියක් ලබාදීමෙන් පසුව 2007 ඔක්තෝම්බර 28 වන දින ජෙනරාල් පන්නිපිටියගේ නායකත්වයෙන් ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගෙන තිබූ මඩු පාරට හැරෙන තැන පිහිටි අවසාන කොටි බංකරයද පුපුරවා හරිමින් මඩු මෑණියන්ගේ පූජා භූමිය ආරක්‍ෂක හමුදාවේ පාලනය යටතට නතු කර ගත්තේය.

2008 අප්‍රේල් 24 වන දින ලුතිනන් කර්නල් සෙනරත් බණ්ඩාරගේ නායකත්වයෙන් සම්පූර්ණයෙන්ම මෙතැන් පටන් නොයෙක් විදේශීය රාජ්‍ය නොවන දේවස්ථානය මුදා ගෙන හමුදාව විසින් පියතුමන්ලාට භාර දෙන ලදී. සංවිධාන දේශීය රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ඇතිව රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හමුදාවේ පූර්ණ මැදිහත්වීමෙන් මන්නාරම රද ගරු මැදුරේ පරිපාලන හා ආර්ථිකමය සහයෝගයෙන් මරද මඩු දේව මාතාවගේ වන්දනා භූ®මිය යළි පිළිසකර කර බැතිමතුන් සඳහා නැවත දොරගුල් විවිර කරන ලදී.

පැරැණිතම

ශ්‍රී ලංකාවේ පැරණිතම දේවස්ථානයක් ලෙස සැලකෙන මඩු දේවස්ථානය උතුරු පළාතේ මන්නාරමට නොදුරින් පිහිටා ඇත. මඩු දේවස්ථාන භූමි භාගය අක්කර 130ක් පමණ විශාලත්වයක් උසුලයි. ඉපැරණි වනාන්තරවලින් වටවු තැන තැන මුර සෙබළුන් මෙන් නෙත ගැටෙන විශාල රූක්‍ෂරාජයන්ගෙන්ද, පළාතම සුවඳවත් කරමින් සුවඳ විහිදුවන කැලෑ මල් වලින්ද පිරුණු සමතලා මඩු භූමිභාගය සොබාදහම මඩු මාතාවට ලබා දුන් චමත්කාර වටපිටාවයි.

මවැනි මනරම් පරිසරයක අප ජපමාල මෑණියන් හෙවත් මරද මඩු මෑණියන් වන්දනා කිරීම පිණිස පැමිණෙන බැතිමතුන් සෑම විටම දෙවි පියාණන්ට ප්‍රසන්න යාගයක් පුදකරන බව සඳහන් කළ යුත්තේ පූජනීය භක්තියකිනි.වර්ෂ 1670 ( වසර තුන්සිය හතලිහකට ) ඉහත මන්නාරමේ සිට සැතපුම් හයක් පමණ දුරින් රට අභ්‍යන්තරයට වන්නට පිහිටි ‘ මාන්තයි ‘ නම් ග්‍රමයේ ජපමාල මෑණියන්ගේ මුල්ම ගෘහය තැනූ බව ඉතිහාසයේ සඳහන් වී තිබේ.

එතැන් පටන් විදේශ ආක්‍රමණ හමුවේ විවිධ තාඩන පීඩන වලට ලක් වෙමින් විශ්වාසයේ දේවජනතාව සමඟ හරවත් ලෙස ගමන් කළ ජපමාල මෑණියන්ට, ඇතැම් සතුරු උවදුරු වලින් ආරක්‍ෂා කරගැනීමට විශේෂ වූ ආරක්‍ෂක ස්ථාන කරා වැඩම කරවීමට බැතිමත් දේව ජනතාවට සිදුවිය.එහිදී විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ නුවරට නුදුරු මරදමඩු නම් වූ ගම්මානයට ජපමාල මාතාව ආරක්‍ෂාව සඳහා දේව ජනතාව විසින් රැගෙන එමයි. එහිදී පැමිණි සියලු දෙනා ජපමාල මෑණියන්ට පුද පූජා පවත්වමින් දේව මාතාව තම පණ මෙන් ආරක්‍ෂා කළහ. එහිදී සියලු දෙනා එක්ව දේවමාතාවට සියලු පුද සත්කාර කළහ.

මරදමඩු මාතාවට නුවර මෙම පළාතේ දෙව් මැදුරක් ඉදිකර දීමට මැදිහත් වූ සුවිශේෂී කාන්තාවක් සඳහන් කළ යුතුව ඇත. කතෝලික කපිතාන් වරයෙකුගේ දියණියක වූ ‘ හෙලේනා ‘ නම් මැතිණියක් ජපමාල මාතාවට මරද මඩු ග්‍රාමයේ දෙව් මැදුරක් තනවා දී ඇත. මේ ග්‍රාමයේ නම මරදමඩු වූ අතර මෙතැන් සිට ජපමාල මෑණියන් මරදමඩු මෑණියන් ලෙස දේව ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.

මෙම ග්‍රාමයේ හෙලේනා නම් ලත් මෙම මැතිනිය කළ මෙම සත් ක්‍රියාව හේතුවෙන් “ ශාන්ත හෙලේනා “ හෙවත් ශුද්ධ වූ හෙලේනා නම් පටබැදි ගෞරව නාමය ඇය විසින් දිනාගෙන තිබේ. අදටත් එම ග්‍රාමයේ මෙම නාමය ප්‍රකටව පවතී. එතුමිය සෙන්කඩගල නුවර රජුට තීරුබදු අය කරන්නෙකු සමඟ විවාහ වී තව තවත් මඩු මාතාව රැක ගැනීමට දිවියම කැප කර ඇත. මෙම ග්‍රාමයේ කතෝලික ජනතාවගේ බීජය මෙසේ රෝපණය වී වැඩි වර්ධනය වී තිබිණ.

පසුව යාපන රාජධානියට පීඩාකාරි තත්ත්වයක් උඳා වෙද්දී වර්ධනය වෙද්දි තවත් සියයක් පමණ කතෝලික ජනතාව මරද මඩු ප්‍රදේශයට ඉබාගාතේ ඇදීයාමත් සිදුවිය. මෙසේ ඇදී ආ මේ දේව ජනතාව හාස්කමක් ලෙස මරද මඩු දේවස්ථාන භූමියට පිවිස තිබේ. ඔරිතෝරියනු පියවරුන්ගේ ලංකා තරණයත් සමඟ ලංකාවාසි කතෝලික ජනතාව තුල පුනර්ජීවනයක් ඇති වූ බව රහසක් නොවේ. 1706 දී “ සැලොනා” මරද මඩු නමින් මාන්තයි දිස්ත්‍රික්කයේ ධර්මදූත මධ්‍යස්ථානයක් ඉදිකරන ලදී.

ලක්වැසි කිතුනු ජනතාවට යහපත් යුගයක් ඇති කරමින් ඉංගී‍්‍රසි ජාතීන්ගේ පැමිණීම සමඟ මඩු මාතාවට සිය මුල් බිම කරා යෑමට වාසනාව උදාවිය. 1823 නැවතත් මඩු මෑණියන් තම මුල් ගෘහය තිබූ ග්‍රාමයට ගෙනගොස් අශ්වලාඩමක හැඩයෙන් යුත් දේවස්ථානයක් මැටියෙන් ඉදිකොට එතුමියගේ පිළිරුව තැන්පත් කර තිබේ.

දෙව් මැදුර

1872 දී දැනට පවතින ජපමාල මෑණියන් හෙවත් මරද මඩු මෑණියන්ගේ දේවස්ථානය ඉදිකිරීම අරබන ලදී. 1872 අගෝස්තු මස 02 දින ගරු බෙන්ජමින් රදගුරු ප්‍රසාදිතුමන් විසින් මුල් ගල තැබීම සිදුකරන ලද කිතුනු ඉතිහාසයේ කියවේ. ඉන්පසු පත්වූ රදගුරු ප්‍රසාදි තුමන්ලාගේ හා මඩු මීසම භාර ගරු පියතුමන්ලාගේ කැපවීමෙන් මේ දක්වා මඩු මාතාව සැරසීමට සියලුම බැතිමතුන් තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය දී ඇත. 1944 දී මහා යුධ වලාපටලයකින් වැසුන සමයක දේව මාතාවගේ දෙව් මැදුර අභිෂේක කරන්නට දේව වරම් උදාවිනි.

මෙසේ සුවිශේෂ සිදුවීම් දාමයන් ඉතිහාසයට එක්කරමින් මරද මඩු මාතාව අද ඉමහත් පි‍්‍රතියකින් දේව දරු කැලට අසිරි පතන සේක. වර්ෂය තුළ වැඩිම මංගල්‍ය ප්‍රමාණයක් පවත්වන දේවස්ථානය මරද මඩු දෙව්මැදුරයි. මේ දේව මාතාවගේ සෑම ප්‍රධාන මංගල්‍යතම ඉතා ගම්භීර ලෙස පවත්වන අතර මංගල්‍යයට පෙර සියලු නුවාන පවත්වනු ලබයි. කිතුනු බැතිමතුන් පමණක් නොව අන්‍යගාමික බැතිමතුන් පවා මඩු දේව මාතාව දැක ගැනීමට පැමිණෙන බව කිව යතුයි.

මන්නාරම් රදගුරු ආචාර්ය රායප්පු ජෝශප් බිෂොප් තුමා විසින් හා මීසම් පාලන පියතුමන්ලා විසින් ඉතා ගෞරවනීය ලෙස ඉතා පූජනීය ලෙස මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් සියලු දෙනාට සියලුම පුද පූජා පිළිවෙත් හා සුභසාධන කටයුතු, යටිතල පහසුකම් සලසා තිබීම සතුටට කරුණකි. මරද මඩු මාතාවගෙන් ගලා යන අධ්‍යාත්මික ගුණ සුවඳින් මුළු ලොව සුවදවත් වනු ඇත.

මංගල්‍ය පවත්වන දිනයන්

පෙබරවාරි මස 02 දින
මාර්තු මස 15 දින
මැයි මස 01 දින
ජුලි මස 02 දින
අගෝස්තු මස 15 දින
සැප්තැම්බර් මස 08 දින
ඔක්තෝම්බර් මස 01 දින
දෙසැම්බර් මස 08 දින
( මඩු දේවස්ථානය අරක්ගත් දිනය )


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]