මුද්‍රණය සඳහා

 
සපත්තුවක මැණික් ගල් 321ක් සඟවා ගෙන ආ අයෙක් දැලේ

සපත්තුවක මැණික් ගල් 321ක් සඟවා ගෙන ආ අයෙක් දැලේ

කැරට් දහසේ මැණික් ගල් 321 ක් සපත්තු පතුලක සඟවාගෙන පැමිණි මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකිකයකු පෙරේදා (12) රාත්‍රී 11 ට පමණ ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට යූ. එල්. 196 ගුවන් යානයෙන් මෙරටට පැමිණි මුස්ලිම් ජාතිකයා පිළිබඳ සැක සිතී පරීක්ෂා කරීමේදී ඔහුගේ ගමන් බෑගයේ සපත්තු පතුලක සඟවා මෙම මැණික් ගල් සඟවා තැබීමෙන් අනතුරුව සපත්තුව නැවත අලවා තිබියදී සොයාගෙන තිබේ.

සොයාගත් මැණික් ගල් වල වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් බව රේගුව පවසයි. මැණික් ගල් රාජසන්තක කිරීමෙන් අනතුරුව රුපියල් පනස්දහසක දඩයක් නියමකොට එම සැකකරු නිදහස් කර තිබේ. මේ වැටලීම සිදුකර ඇත්තේ සහකාර රේගු අධිකාරී කේ. සෝමසිරි මහතා විසිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]