පරීක්ෂණයට ආ මේජර්වරයා හෘදයාබාධයෙන් මරු දකී

පරීක්ෂණයට ආ මේජර්වරයා හෘදයාබාධයෙන් මරු දකී

අනුරාධපුර, සාලියපුර යුදහමුදා කඳවුරේ පැවති පරීක්ෂණයකට පැමිණි යුද හමුදා මේජර් වරයකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇත. සාලියපුර යුද හමුදා කඳවුරේ පෙරේදා (12) උදෑසන පැවති වාර්ෂික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වෙමින් සිටි මේජර්වරයා හදිසියේම රෝගාතුර වී බිම ඇද වැටී තිබේ.

පරීක්ෂණයට සහභාගි වූ සෙසු නිලධාරීන් එක්වී මේජර්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේ ය. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උයිලන්කුළම තුනුක්කායි හමුදා කඳවුරේ සේවය කළ වත්තේගම ගුන්නෑපාන පදිංචිව සිටි ඒ. ප්‍රසන්න හේවාවිතරාණ නමැති නමැති (41) දෙදරු පියෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා හෘදයාබාධයකින් මේ මරණය සිදුවී ඇති බවට නිගමනය කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා