මුද්‍රණය සඳහා

 
මාතර-බෙලිඅත්ත දුම්රිය සංඥා පද්ධතිය රුපියල් කෝටි 75කින් ඉදි කළ හැකියි

මාතර-බෙලිඅත්ත දුම්රිය සංඥා පද්ධතිය රුපියල් කෝටි 75කින් ඉදි කළ හැකියි

චීන සමාගමට දෙන්න එපා: දුම්රිය දේපළ සුරැකීමේ සංවිධානය කියයි

දුම්රිය සේවකයන්ට රුපියල් කෝටි 75කින් නිමකළ හැකි මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා පද්ධතිය ඉදිකිරීමේ කටයුතු රුපියල් කෝටි 400ක් ඇස්තමේන්තු කර ඇති චීන සමාගමට ලබා නොදෙන ලෙස තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇතැයි දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අංශයේ නිලධාරීන්ට හා සේවකයන්ට මෙය ඉදිකිරීමට හැකි බවත්, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 325 ක් ඉතිරිකර ගතහැකි බවත් මානවඩු මහතා දන්වයි. මේ සංඥා පද්ධතිය සඳහා උපාංග හා සේවක වැටුප් සම්බන්ධයෙන් රුපියල් කෝටි 75ක ප්‍රමාණවත් බවද ඒ මහතා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]