මුද්‍රණය සඳහා

 
බොරලැස්ගමුව වැවේ කාන්තා මළ සිරුරක්

බොරලැස්ගමුව වැවේ කාන්තා මළ සිරුරක්

මහරගම බොරලැස්ගමුව වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ (13) දහවල් කාලයේ හමු වී ඇත. නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් හා මහරගම පොලිස් නිලධාරින්ද මහරගම හදිසි මරණ පරීක්ෂක විජේසිරි ගමගේ මහතා ඉදිරියේ එම මළ සිරුර ගොඩගනු ලැබීය.

උස අඩි 05 ක් පමණ වූ එම කාන්තා මළ සිරුර වයස 65 ක් පමණ වන කාන්තාවකගේ යැයි පොලිසිය පවසයි. සිරුරේ කිසිදු තුවාලයක හෝ අනතුරක ලක්ෂණ නොමැති අතර පැමිණ සිටි කිසිවකුට සිරුර හඳුනාගැනීමට නොහැකි විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]