මීගමුවට අද-හෙට ජල සැපයුම අත්හිටුවයි

මීගමුවට අද-හෙට ජල සැපයුම අත්හිටුවයි

මීගමුව ජලසම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද (14) ප. ව. 6.00 සිට 15 වැනි ඉරිදා දහවල් 12.00 දක්වා පැය 18 ක කාලයක් පහත සදහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ජල සැපයුම අත්හිටවන ප්‍රදේශ:– මීගමුව නගර සභා බලප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය, කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව - කටුනායක, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය. එම නිසා ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා