වික්‍රමසිංහ මාතාවගේ සුව දුක් බැලීමට ජනපති රෝහලට යයි

වික්‍රමසිංහ මාතාවගේ සුව දුක් බැලීමට ජනපති රෝහලට යයි

විපක්‍ෂ නායක සහ එ. ජා. ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් වන දැනට රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන නාලනී වික්‍රමසිංහ මාතාවගේ සුවදුක් විමසා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (13) පෙරවරුවේ එහි ගියේය.

නිදුක් නිරෝගී දීර්ඝායුෂ වික්‍රමසිංහ මාතාවට ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා, ඉන්පසු හිටපු අමාත්‍යවරයකු වන ලක්‍ෂ්මන් ජයකොඩි මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන ස්ථානයට ගොස් ඔහුගේ ද සුවදුක් විමසා බැලීමට අමතක නොකළේය. මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ද එක්ව සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා