මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්




අශෝක සෝමරත්න -
(අධ්‍යක්ෂක සී. අයි. සී තේ උපදේශන සේවා පුද්ගලික සමාගම, හිටපු ව්‍යාප්ති අංශ ප්‍රධානී ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ව්‍යාප්ති (කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය) පද්මා කුමාරි අගලවත්ත (ආචාරිණී මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල) ගේ ආදරණීය ස්වාමි පුරුෂායා වූද, හිමේෂ (සී. අයි. සී ඖෂධ සමාගම) පුරන්දි (ශිෂ්‍යා - මහනුවර හිල්වුඩ් බාලිකා විදුහල) යන අයගේ ආදරණීය පියාණන් වුද, අශෝක සෝමරත්න මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු අගෝස්තු මස 15 ඉරුදින සවස 4.00 ට මහයියාව ආදාහනාගාරයේදී සිදුකෙරේ. 63 බී, වට්ටාරන්තැන්න පැසේජ්, මහනුවර. දු. ක. 081-2214580.

ඇල්ෆ්‍රඩ් සුවඳරත්න (හිටපු ගණකාධිකාරී ලංගම) - මැටිල්ඩාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුද චින්තා ආරියසේන (නාලන්දා විදුහල) රංජන් (නීතිඥ) තිලාතිගේ ආදරණීය පියා වූද ජේ. ඒ. ආරියසේන (හිටපු අතිරේක ලේකම් වරාය හා නාවික අමාත්‍යාංශය) ෂමිලා, සුසන්ත, ලූගොඩ (ඇමරිකාව) ගේ මාමණ්ඩිය වුද වෛද්‍ය හෙෂාන් ආරියසේන (එක්සත් රාජධානිය) මංජුල (එක්සත් රාජධානිය) යුවත්ති වයිට්, ෂෙහාන් සුවඳරත්න (ඕස්ට්‍රේලියාව) විතෙත් පසිඳු ලූගොඩ (මැලේසියාව) හා උවිත් ලූගොඩ (ලයිසියම් නුගේගොඩ) ගේ සීයා වූද ලංගම හිටපු ගණකාධිකාරි ඇල්ෆ්‍රඩ් සුවඳරත්න මයා අභාවප්‍රාප්ත වූයෙන් ඔහුගේ ආදාහනය අගෝස්තු මස 15 වන ඉරිදා සවස 6.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. අවමංගල්‍ය පෙරහැර නුගේගොඩ, පාගොඩ, 8 වන පටුමගේ අංක 7/1, නිවසින් සවස 4.30 ට පිටත්වේ.

ජොස්ලින් සෙනෙවිරත්න - බත්තරමුල්ල ශ්‍රී සුභූතිපුර පදිංචිව සිටි ජෝන් පෙරේරා සහ එම මැතිනියගේ කනිටු දියණිය වූද, නැසීගිය මාතම්මන එරික් සෙනෙවිරත්න මහතාගේ ආදරණීය භාර්යාව වූද, නයනා හා නැසීගිය චන්දන යන අයගේ දයාබර මෑණියන් වූද, ආලෝකා, වාසනා, ත්‍යාගා සහ බණ්ඩාර යන අයගේ පෙම්බර ආච්චි අම්මා වූද, මියුසියස් අභ්‍යාස විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය හා බත්තරමුල්ල ඉන්ද්‍රජෝති විද්‍යාලයේ අවුරුදු 38 ක් සේවය කර විශ්‍රාමලත් ගුරුතුමී අවුරුදු 93 ක් ආයු වළඳා පරලොව සැපත් වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 14 වෙනි සෙනසුරාදා දහවල් 2 ට බත්තරමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 685, ශ්‍රී සුභූතිපුර, බත්තරමුල්ල.

රත්මල්ගොඩ එන් ජයවර්ධන මහතා - ලංකා පිඟන් සංස්ථාවේ සේවය කල (විශ්‍රාමික) හොරණ, රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ පදිංචිව සිටි වෙළඳ ව්‍යාපාරික එන් ජයවර්ධන මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු 2010/08/15 ඉරිදා සවස 3.00 ට රත්මල්ගොඩ පොදු සුසාන භූමියේදී සිදුකරන බැව් සියළු ඥාතිමිත්‍රාදීන් වෙත ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. ශෝකයට පත් භාර්යාව ඇතුළු දූ දරු පිරිස.

වසන්තා රාමනායක (යාපා) නැසීගිය ජයතිස්ස රාමනායකගේ ආදරණීය බිරිඳ වූද දිලාංජනී (ඩාර්ලි බට්ලර්), ධර්මප්‍රිය (සොෆ්ට්ලොජික්), ප්‍රියන්ත (නෙට්ලින්ක් කමියුනිකේෂන්), රසික (ඇමරිකාව) යන අයගේ ආදරණීය මෑණියන් වූද, අජිත් වීරතුංග (කාසන්ස්), රෝහිණී, සාගරිකා, රොෂිකා (ඇමරිකාව) යන අයගේ ආදරණීය නැන්දණිය වූද, නිපුණ, වත්සලා, විශ්ව, විබුධ, චේතනා, ගයාෂී, තිලාන් යන අයගේ ආදරණීය මිත්තණිය පරලොව සැපත් වූවාය.. ආදාහනය 15 වන ඉරුදින සවස 5 ට බැද්දගාන කනත්තේදී සිදු කරනු ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]