මුද්‍රණය සඳහා

 
විජිත හේරත් ඇතුළු 13ක් රක්ෂිත බන්ධනාගාරයේ

විජිත හේරත් ඇතුළු 13ක් රක්ෂිත බන්ධනාගාරයේ

ගාල්ල මූලස්ථාන පොලිසියට පෙරේදා (12) පස්වරුවේ බලහත්කාරයෙන් කඩාවැදී සැකකරුවන් පිරිසක් පැහැරගෙන යාමට තැත්කිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අජිත් කුමාර , දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහත්වරුන් ඇතුළු 13 දෙනෙකු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ගාල්ල මූලස්ථාන පොලිසිය මගින් ගොනු කරන ලද පැමිණිල්ලක් අනුව අතිරේක මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා මන්ත්‍රීවරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ ය. සැකකරුවන් පෙරේදා (12) දහවල් ගාල්ල නගරයේ පැවැති විරෝධතාවකට ද සම්බන්ධ වී තිබේ.

එම විරෝධතාවේදී නීති විරෝධී ලෙස පෙළපාළි යාමට තැත්කළ පිරිසකට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙසත්, පෙළපාළි යාම අත්හිටවන ලෙසත් පොලිසිය දැනුම් දී ඇත. පොලිස් උපදෙස් නොතකා විරෝධතාකරුවන් පොලිසියට ගල්මුල් වලින් පහර දෙමින් ගාල්ල නගරය දෙසට පෙළපාලියෙන් යාමට තැත්කර තිබේත. මෙම අවස්ථාවේදී මහජනතාවට ඇතිවන අපහසුතාව පිළිබඳ සලකා පොලිසිය දිගින් දිගටම විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරී ඇත. එම අවස්ථාවේදී ඔවුන් පහරදීම නිසා පොලිස් නිලධාරීන් පිරිසකට තුවාල සිදු වී ඇති අතර ජීීප් රථයකට ද බරපතළ ලෙස අලාභහානි සිදු වී ිබේ.

මෙහිදී සැකපිට 7 දෙනකු පොලිසිය විසිවන් අත්අඩංගුවට ගෙන සිටි අතර,, ඔවුන් මුදාගැනීමට සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ද වන විජිත හේරත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පෙරේදා (12) සවස ගාල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී ඇත. හිදි ඔවුන් පොලිසිය බාරයේ රඳවා සිටි සැකකරුවන් මුදාගෙන යාමට තැත්කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් තිදෙනා ඇතුලු පිරිසක් රාජකාරීයේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහර දී තිබේ. පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරීහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

පෙරේදා (12) දහවල් සහ සවස සිදුවූ සිදුවීම් වලින් පොලිස් නිලධාරීන් හය දෙනෙකුට පහර දී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙසෙනකු බරපතළ තත්ත්වයේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]