2010 ජුනි මාසය වනවිට මෙරට ඒඩ්ස් රෝගීන් 1249ක්

2010 ජුනි මාසය වනවිට මෙරට ඒඩ්ස් රෝගීන් 1249ක්

2010 ජුනි මාසය අවසන් වන විට මෙරටින් හමුවූ සමස්ත ඒඩ්ස් රෝගීන් ගේ සංඛ්‍යාව 1249 ක් වන අතර 2009 දී ආසාදිතයන් ගේ සංඛ්‍යාව 3000 ක් බව විශේෂඥ වෛද්‍ය ශි‍්‍රයා කාන්ති බෙනරගම මහත්මිය ‘දිනමිණ’ ට පැවසුවාය.

2010 වසරේ මුල් මාස 06 තුළදී එච්. අයි. වී ඒඩ්ස් රෝගීන් 153 දෙනෙකු හමුවූ අතර 2010 ජුනි වන විට හමු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාවෙන් 506 කාන්තාවන් වන අතර පිරිමි රෝගීන් ගේ සංඛ්‍යාව 743 කි.

මොවුන් අතුරින් හමුවූ රෝගීන් ගෙන් 316 දෙනෙකු ඒඩ්ස් රෝගීන් බවද එයින් 101 ක් කාන්තාවන් වන අතර 215 ක් පිරිමින් වන බව ලිංගාශි‍්‍රත රෝග එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වේදී විද්‍යාඥ අංශය වැඩිදුරටත් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා