කොට්ටාව නගරයට පුස්තකාලයක් ඕනෑ

කොට්ටාව නගරයට පුස්තකාලයක් ඕනෑ

කොට්ටාව නගරයට පුස්තකාලයක් නොමැතිවීම පිළිබඳව ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට මහජන පුස්තකාලයක අවශ්‍යතාව දැඩිව පවතී. හෝමාගම, පිළියන්දල, සහ මහරගම නගරවල දැනට මහජන පුස්තකාල ආරම්භ කර ඇත. කොට්ටාවේ පදිංචි අයට මේවාට යෑමට විශාල කාලයක් මිඩංගු කළ යුතුවේ.

පාසල් හා අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරතවන අයට එය විශාල ගැටලුවකි. පොත්පත් පරිශීලනය කිරීමට නම් එම ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් විය යුතුයි. ම් නිසා කොට්ටාව නගරය ආශ්‍රිත වැසියන්ට පුස්තකාලයක් ලබාදෙන ලෙස ඔව්හු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා