‘මරු කට’ වහලා දෙන්න

‘මරු කට’ වහලා දෙන්න

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට මහා මාර්ගයේ කාණු පද්ධතියට යොදා ඇති කොන්ක්‍රීට් ලෑල්ලක් ගැලැවී යෑමෙන් එය දැන් මරු කපොල්ලක් බවට පත්ව ඇත. සාලාව අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ මේ ස්ථානය හරහාය.

එබැවින් දිනපතා විශාල පිරිසක් මේ ස්ථානය අසලින් එහා මෙහා යති. ඒ පිරිස අතර මහලු අයද ගැබිනි මවුවරු හා කුඩා දරුවෝ ද වෙති. මෙයට පෙර මෙතැනදී අනතුරු කිහිපයක්ම සිදුවී ඇති හෙයින් අලුතින් කොන්ක්‍රීට් ලෑල්ලක් දමා මේ මරු කපොල්ල වසා දමන්නේ කවදාදැයි ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් විමසා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා