|
||
බොරලැස්ගමුව සහ බෝකුන්දර ගංවතුර කරදරවලට තිරසාර විසැඳුමක්
කැස්බෑව මැතිවරණ කොට්ඨාසයේ බොරලැස්ගමුව සහ බෝකුන්දර ප්රදේශවල ජනතාවට වසර ගණනාවක සිට වැසි දිනවලදී මුහුණපෑමට සිදුව තිබෙන ගංවතුර තර්ජනයට තිරසාර විසැඳුමක් ලබාදීමේ මූලික කටයුතු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති සහ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණි.මෙය බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් සමඟ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ප්රධාන සංවිධායක සහ කම්කරු සබඳතා හා ඵලදායිතා ප්රවර්ධන ඇමැති ගාමිණී ලොකුගේ මහතා කරන ලද සාකච්ඡාවක ප්රතිඵලයකි. මෙදින නිමල් සිරිපාල ද සිල්වා සහ ගාමිණී ලොකුගේ යන ඇමැතිවරු බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය වෙත ගොස් විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමෙන් පසුව බොරලැස්ගමුව හා බෝකුන්දර ප්රදේශවල ඇළමාර්ග නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළහ. මෙහිදී කොළඹ හොරණ ප්රධාන මාර්ගයේ බෝකුන්දර පිහිටි මැද ඇළ ප්රතිසංස්කරණය කටයුතු ආරම්භ කෙරිණි.
මේ අවස්ථාවට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, බස්නාහිර පළාත් සභාවේ සභානායක
සුනිල් ජයමිණි එම පළාත් සභා මන්ත්රී ගාමිණී ද සිල්වා, බොරලැස්ගමුව නගර සභාවේ
සභාපති අරුණ පි්රයශාන්ත, කැස්බෑව නගර සභාවේ විපක්ෂ නායක සුමන විවියන් රණවීර සහ
නාගරික මන්ත්රීවරු ඇතුළු රාජ්ය ආයතනවල නිලධාරීහු රැසක් ද සහභාගි වූහ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |