මුද්‍රණය සඳහා

 
අත්තිඩිය කුරුලු අභය භූමියට සෙනසුරු දසාව ලබලා

අත්තිඩිය කුරුලු අභය භූමියට සෙනසුරු දසාව ලබලා
 

ජලාශයක ජපන් ජබර වැවී ඇති අයුරු

බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කයේ දකුණු කොළඹ ප්‍රදේශයට ආසන්නව පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින බෙල්ලන්විල – අත්තිඩිය කුරුලු අභයභූමියේ වටිනා ජලජ ජීවීන් මෙන්ම වටිනා ශාක විශාල ප්‍රමාණයක් විනාශවී යාමේ තර්ජනයට ලක්වෙමින් පවතී.

කලින් කුරුලු විශේෂ 168ක් පමණ සිටි මේ කුරුලු අභයභූමියේ වටිනා කුරුලු විශේෂ 138ක්ම විනාශයට ගොස් ඇත. දැනට මෙහි ඉතිරිව සිටින්නේ කුරුලු විශේෂ 40කට අඩු ප්‍රමාණයක් බව වනජීවී නිලධාරීහු පෙන්වාදෙති. මත්ස්‍ය විශේෂ 44ක් වන උද්‍යානයට අයත් බොල්ගොඩ දූපතෙහි දැකගත හැකි වුවත් මේ වන විට ඉන් ඉතිරිව ඇත්තේ අටක් පමණි.

මේ අතර අභයභූමිය ඔබ්බෙහි කළපු ප්‍රදේශයේ වාසය කළ මාළු විශේෂ ගණනද හත දක්වා අඩුවී තිබේ. අභයභූමියට කැළිකසළ බැහැර කිරීම, ජල මාර්ගවලට අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය එක්රැස්වීම හා අභය භූමියේ අනවසර ඉදිකිරීම් ජෛව විවිධත්වය අඩුවීමට බෙහෙවින් බලපා තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 අතරින් ප්‍රධානම එකක් ලෙසද සැලකේ. මෙහි සිටි සමනළ විශේෂ සංඛ්‍යාව ද ක්‍රමක්‍රමයෙන් අඩුව ගොස් ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කරන ජල පෝෂිත ගබඩාව වූ පවුල් ලක්ෂයකට පමණ පානීය ජලය ලබාදෙන ජල පෝෂක ප්‍රදේශයක් වූ බෙල්ලන්විල කුරුළු අභය භූමිය මෙලෙස විනාශයට පත්වීම ජාතික අපරාධයකැයි ජනතාව පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]