ගම්පහ-මොරගොඩ අවට බරවා පැතිරීමේ අවදානමක්

ගම්පහ-මොරගොඩ අවට බරවා පැතිරීමේ අවදානමක්

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස බරවා මර්දන ඒකකය මගින් සිදු කළ මදුරු කීට පරීක්‍ෂා කිරීමේදී ගම්පහ මොරගොඩ ප්‍රදේශය අවට බරවා රෝගය පැතිරයෑමේ අවදානමක් ඇති බව හෙළි වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී මොනිකා මාන්නප්පෙරුම මහත්මිය කීවාය.

දැනටමත් මේ රෝගයෙන් පෙළෙන රෝගීන් සිවු දෙනෙක් හඳුනාගෙන ඇති බව හා රෝගය වැළැඳුණු අය සඳහා ගම්පහ මහ රෝහලේදී සතියේ සෑම ඉරිදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රි 10.00 දක්වා රුධිර පරීක්‍ෂා කිරීම සහ ප්‍රතිකාර ලබාගැනීමටද විධිවිධාන යොදවා ඇති බවද වෛද්‍යවරිය පැවැසුවාය.

ජලය පල්වෙන කොහිල, කන්කුන් වැනි කොටුවලත්, පුරන් කඹුරුවලත් අක්‍රමවත්ව පවත්වා ගෙන යනු ලබන ඌරු කොටු, කුකුළු කොටු, ගවගාල් වැනි ස්ථානවල බරවා මදුරුවෝ බෝවෙන මෙවැනි ස්ථාන ගැන අවධානයෙන් සිටිය යුතු බවද ඇය කීවාය. මෙවැනි රෝගීන් හඳුනාගත් විගස අදාළ ප්‍රදේශයේ බරවා මර්දන ඒකකය වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතුයැයිද ඒ මහත්මිය පැවැසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා