මුද්‍රණය සඳහා

 
හම්බන්තොටට නැව් සේවා ගම්මානයක්

හම්බන්තොටට නැව් සේවා ගම්මානයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිවීමත් සමඟ රුපියල් බිලියන විසිපහක මුදලක් වැයකර හම්බන්තොට නැව් සේවා ගම්මානයක්ද ඉදිකෙරේ. ශ්‍රී ලංකාවේ පළමුවරට වරාය අධිකාරියේ සැලසුම් අනුව වරාය ගම්මාන දෙකක් ඉදිවේ. මේ ගම්මාන දෙකෙන් එකක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශි‍්‍රතව පිහිටුවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර තිබේ.

හම්බන්තොට නැව් සේවා ගම්මානය සඳහා අක්කර හත්සියක් (අක්. 700) වෙන්කර ගෙන යන අතර මෙහි ඉදිකිරීම් වසරක් ඇතුළතදීම අවසන් කිරීමටත් බලාපොරොත්තු වේ. හම්බන්තොට නැව් සේවා ගම්මානයට අමතරව කොළඹ වරාය ආශි‍්‍රතවද නැව් සේවා ගම්මානයක් ඉදිකිරීමටත් බලාපොරොත්තු වේ.

මේ සඳහා අක්කර විසිතුනක (අක්. 23) ගම්මානය ඉදිකිරීමෙන් ඒ සඳහා වසර එකහමාරක (අ: 1 1/2) කාලය ගතවීමට හැකි බව ඉලක්ක කරගෙන ඇති බවද මේ මගින් විශාල ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා උදාවන බවද වරාය අධිකාරිය බලාපොරොත්තු වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]