බෙකම් ක්‍රීඩාවෙන් සමුගනී ද?

බෙකම් ක්‍රීඩාවෙන් සමුගනී ද?

සුපිරි පාපන්දු තරුවක්වන ඩේවිඩ් බෙකම්ගේ ජාත්‍යන්තර තරග දිවියට සමුදීමේ අවස්ථාව උදාවී ඇතැයි එංගලන්ත පාපන්දු පුහුණුකරු ෆැබියෝ කපේලෝ ප්‍රකාශ කළේය.ආබාධයකට ලක්වී සිටීමේ හේතුවෙන් පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා නොකළ බෙකම් සම්පූර්ණ සුවය ලැබූ විගස එංගලන්ත පිලට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.

ලෝක කුසලාන තරගාවලියේදී මට උදව් කිරීම ගැන ඔහුට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔහු දැන් තරමක් මහලුයි” රූපවාහිනි නාලිකාවකට කපේලෝ ප්‍රකාශ කළේය.එංගලන්ත පුහුණුකරුගේ මේ ප්‍රකාශය බෙකම්ගේ විමතියට කරුණක් විය. ඔහුගේ නියෝජිතවරයා බී. බී. සී. ක්‍රීඩා සේවයට ප්‍රකාශ කළේ ජාත්‍යන්තර තරගබිමෙන් ඉවත් වීමට බෙකම්ට කිසිදු අදහසක් නොමැති බවය.

“ක්‍රීඩාවෙන් සමුගැන්ම පිළිබඳව බෙකම් මේ දක්වා සිත යොමුකොට නැහැ. ඔහු ඔහුගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නිරතුරුවම සූදානමින් සිටිනවා.” බෙකම්ගේ නියෝජිතවරයා ප්‍රකාශ කළේය. නමුත් එංගලන්ත පුහුණුකරු දරන්නේ ඊට වඩා වෙනත් අදහසකි.

“ජාතික පාපන්දු කණ්ඩායමත් සමග තමාට අනාගතයක් නොමැති බව බෙකම් දන්නවා. මට පුහුණකරු හැටියට හැමදේම වෙනස් කරන්න සිදුවෙනවා. නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කරගෙන එංගලන්ත පිලේ අනාගතය ගැන මම හිතන්න ඕනේ” පුහුණුකරු ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා