මුද්‍රණය සඳහා

 
යාපනය දිස්ත්‍රික් විස්සයි-20 ක්‍රිකට් අද

යාපනය දිස්ත්‍රික් විස්සයි-20 ක්‍රිකට් අද

යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සහයෝගයෙන් යාපනය යුද හමුදා ආරක්ෂක සේවා මූලස්ථානය සංවිධානය කරනු ලැබූ යාපනය දිස්ත්‍රික් අන්තර් සමාජ ඕවර විස්සයි – 20 ක්‍රිකට් තරගමාලාවේ අවසන් පූර්ව තරග වටය අද (14) යාපනය සාන්ත පැටික් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගය අද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන කණ්ඩායම සහ ගුවන් හමුදා පලාලි කණ්ඩායම අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය නාවික හමුදා කන්කසන්තුරය කණ්ඩායම සහ ජොන්සන්ස් ක්‍රීඩා සමාජය අතර ද පැවැත්වීමට නියමිතය.

යුද්ධය හේතුවෙන් පසුගිය සමයේ යාපනය ජනතාවගෙන් ඈත්ව තිබූ ක්‍රිකට් ක්‍රීඩාව යළි ජනපි‍්‍රය කරවීමේ හා ව්‍යාප්ත කරවීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලැබූ මේ තරගාවලියට ක්‍රීඩා සමාජ 18 ක් සහ ත්‍රිවිධ හමුදා හා පොලිසිය නියෝජනය කරමින් කණ්ඩායම් 4 ක්ද ඉදිරිපත් විය. මේ තරගාවලියේ අවසන් මහා තරගය 16 වැනිදා යාපනය මැදි මහ විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]