මුද්‍රණය සඳහා

 
උතුරු මැද පාසල් 25කට චෙස් ක්‍රීඩාව හඳුන්වා දෙයි

උතුරු මැද පාසල් 25කට චෙස් ක්‍රීඩාව හඳුන්වා දෙයි

උතුරු මැද පළාතේ තෝරාගත් පාසල් 25ක චෙස් ක්‍රීඩාව හඳුන්වා දී ප්‍රචලිත කරන බව පළාත් (ක්‍රීඩා) නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. අබේසුන්දර මහතා ප්‍රකාශ කරයි.චෙස් ක්‍රීඩාව හඳුන්වාදීම සඳහා පැවැති මුල්ම වැඩසටහන අමතමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව කීවේය.

අනුරාධපුර දිස්ත්‍රික් චෙස් සංගමය, සිංහ සමාජය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව එම වැඩසටහන පසුගියදා අනුරාධපුර සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්වීය. සමාරම්භක උළෙල පළාත් සෞඛ්‍ය හා ක්‍රීඩා ඇමති පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි.

ක්‍රීඩාව අතින් උතුරු මැද පළාත යම් යම් සුවිශේෂී සටහන් තබා ඇතැයිද තවත් විශිෂ්ටයින් රැසක් චෙස් ක්‍රීඩාව හරහා බිහිකිරීම මෙහි අරමුණ යැයිද නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එහිදී කීය. සිත උසස් ලෙස දියුණු කිරීමත්, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ළඟා කර ගැනීමට හැකිවීමත් චෙස් ක්‍රීඩාවෙන් ප්‍රගුණවන බව පළාත් ක්‍රීඩා ඇමති පේෂල ජයරත්න මහතා එහිදී කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]