මුද්‍රණය සඳහා

 
මාතර මූලස්ථාන පොලිසියට මලල ක්‍රීඩා සූරතාවක්

මාතර මූලස්ථාන පොලිසියට මලල ක්‍රීඩා සූරතාවක්

පොලිස් නිලධාරීන්ගේ කායික හා මානසික සුවතාවය ඇතිකිරීම අරමුණු කොටගෙන පැවති මාතර කොට්ඨාසයේ අන්තර් පොලිස්ථාන මලල ක්‍රීඩා තරගයේදී පොලිස් ස්ථාන 13ක් අභිබවා ලකුණු 139ක් ලබාගත් මාතර මූලස්ථාන පොලිසිය සූරතාව හිමිකර ගැනීමට සමත්විය.

අනුසූරයින් වූයේ ලකුණු 64ක් ලබාගත් හක්මන පොලිස් ස්ථානයයි. ලකුණු 62 ක් හිමිකර ගත් කනංකේ පොලිසියට තෙවැනි තැන හිමිවිය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතර මූලස්ථාන පොලිසියේ රවිහංස පුංචිහේවා සූරතා හිමිකරගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සූරතා හිමිකර ගනු ලැබුවේ මාතර මූලස්ථාන පොලිසියේ එස්. ජී. එස්. අරුණ ශාන්ති ක්‍රීඩිකාවයි.

ඉකුත්දා දවස පුර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා තරග පැවත්විණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]