උතුරු කැමරූනයේ කොලරා වසංගතයක්

උතුරු කැමරූනයේ කොලරා වසංගතයක්

දැනටමත් 170ක් මිය ගිහින්

උතුරු කැමරූනයේ දස වසරකදී ඇතිවූ දරුණුම කොලරා වසංගතයෙන් පෙරේදා වනවිට 170 ක් මිය ගොස් ඇති අතර මේ සතියේ දී තවත් විශාල පිරිසකට රෝගය ආසාදනය වී තිබෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

රෝගීන් සංඛ්‍යාව දෙදිනකට පෙර පැවති 2078 සිට පෙරේදා වන විට 2266 දක්වා වැඩි වී තිබිණ. පළමු කොලරා රෝගියා සොයා ගනු ලැබුණේ ඉකුත් මැයි 6 දා ය. වැසි සමයේ කොලරාව පැතිරීම උතුරු කැමරූනයේ සාමාන්‍ය සිද්ධියක් නමුදු මෙවර දස වසරක දී දක්නට ලැබුණු දරුණුම තත්ත්වයක් පිළිබිඹු කැර ඇත. ඉකුත් වසරේද කොලරාවෙන් 551 ක් මිය ගොස් තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා