මුද්‍රණය සඳහා

 
කොලොම්බියාවේ බොගෝටා අගනුවර රිය බෝම්බයක් පුපුරයි

කොලොම්බියාවේ බොගෝටා අගනුවර රිය බෝම්බයක් පුපුරයි

කොලොම්බියාවේ බොගෝටා අගනුවර පෙරේදා අළුයම රියබෝම්බයක් පුුපුරායාමෙන් හත්දෙනකු තුවාල ලබා ගොඩනැගිලි සියගණනක් හානියට පත්ව තිබේ. මෙය ඉකුත් සෙනසුරාදා ජනාධිපති ධුරයෙහි වැඩ බාරගත් ජුවාම් මනුවෙල් සැන්ටෝස්ට, ආරම්භයේදීම සිදුකළ අභියෝගයක් ලෙස සැලකී තිබේ.

මෙය ඇමෝනියම් නයිට්‍රේට් හා ප්‍රොපේන් ගෑස් අඩංගු පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑම් 50 ක පමණ බෝම්බයක් වන අතර ඉන් ගොඩනැගිලි 1100 කට පමණ හානි සිදුව ඇත. ඒවායේ වැඩි වශයෙන් සිදුව ඇත්තේ ජනෙල් කවුළු බිඳ වැටීමය.

නව ජනාධිපති සැන්ටෝස් සිද්ධිය ඇති වූ ස්ථානයට වහා ගිය අතර මේ ත්‍රස්තවාදයට රජය බිය නොවන බවත් හැකි උපරිම ආකාරයෙන් ත්‍රස්තවාදය මර්දනය කරන බවත් කියා තිබේ. කිසිවකු බෝම්බයේ වගකීම බාරගෙන නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]