මුද්‍රණය සඳහා

 
කොංගෝ ජලාශයකට ට්‍රක් රථයක් පෙරළිලා

කොංගෝ ජලාශයකට ට්‍රක් රථයක් පෙරළිලා

රියදුරු ඇතුළු 58 ක් මියයති

නැඟෙනහිර කොංගෝහි ටැංගනයිකා ජලාශයට ට්‍රක් රථයක් පෙරළීමෙන් රියදුරු ඇතුළු මගීන් 58ක් පමණ මියගිය බව වාර්තා වේ. මෙම රථයේ ගමන්ගත් මගීන් අතුරින් දිවි ගලවාගෙන ඇත්තේ 5දෙනකු පමණි.

ට්‍රක් රථයේ උවමනාවට වඩා වැඩියෙන් බඩු පටවා තිබීම නිසා රියදුරුට වාහනය පාලනය කරගත නොහැකිවීම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ. නයිජීරියාවේ අබ්බුජාහි පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා පුද්ගලයින් 19 දෙනකු මියගොස් ඇත. මේ ගොඩනැගිල්ලේ 50දෙනකු පමණ වාසය කර ඇත.

මේ අයට අනතුරුදායක ගොඩනැගිල්ලෙන් ඉවත්වන ලෙස උපදෙස් දුන්නත් ඔවුන් එම උපදෙස් පිළිපැද නැති බව ජාතික ආපදා කළමනාකරණ නියෝජ්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩැනියල් ගැම්බෙර පවසයි. මාස තුනක කාලයක් තුළ අම්බුජාහි කඩා වැටී ඇති තුන්වන ගොඩනැගිල්ල මෙයයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]