මුද්‍රණය සඳහා

 
ගන්ෂු ප්‍රාන්තයට පෙරේදාත් තද වැසි

ගන්ෂු ප්‍රාන්තයට පෙරේදාත් තද වැසි

1,144 ක් මියගිහින්,සහන කටයුතු අඩාලයි

ධාරානිපාත වර්ෂාව නිසා හටගත් මඩ නායයාමකින් විපතට පත් ගන්ෂු ප්‍රාන්තයට පෙරේදාත් අධික වර්ෂාපතනයක් ලැබී තිබේ. දැනටමත් මේ ප්‍රාන්තයේ 1,144 දෙනෙකු මියගොස් ඇත. ධාරානිපාත වර්ෂාව නිසා සහන කටයුතු අඩාලවීමත් සමඟ තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරී ඇති බව වාර්තාවේ.

දැනටත් මහල් තුනක් පමණ උසට ගංවතුර ගන්ෂු ප්‍රාන්තයෙන් අඩක් පමණ වසා සිටී. ජලයෙන් බෝවන රෝග පැතිරීයාමේ බියක්ද පවතී.

චීනයේ ගන්ෂු පළාතේ වර්ෂාව ජලගැලීම් හා නායයෑම් නිසා සිදුව ඇති විනාශය ඊයේ වනවිට යළි වර්ෂාව අධිකවීමෙන් උත්සන්න වී තිබේ. මේ එහි ෂෝකු නගරයේ වීදියක දසුනකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]