මුද්‍රණය සඳහා

 
ජගත් සංවිධාන නියෝජිතයෙක් ගමන්ගත් රිය පෙළකට ඉරාකයේදී වෙඩි

ජගත් සංවිධාන නියෝජිතයෙක් ගමන්ගත් රිය පෙළකට ඉරාකයේදී වෙඩි

බෑන් කී මූන් ප්‍රහාරය හෙළා දකී

ජගත් සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ගමන්ගත් රිය පෙළක් ඉරාකයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම ජගත් මහලේකම් බෑන් කී මූන් පෙරේදා දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම සිද්ධිය නිසා 2003 අගෝස්තුවේදී බැග්ඩෑඩයේ සිදුවූ දරුණු බෝම්බ ප්‍රහාරය යළි සිහිගන්වන බව බටහිර බලවත්තු පවසති.

මෙම ප්‍රහාරයෙන් ඉරාකයේ සේවයේ නියුතුව සිටි ප්‍රථම ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා මිය ගියේය.

ඉකුත් අගහරුවාදා එල්ල කල මෙම ප්‍රහාරය හේතු කොට ගෙන අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වී ඇති ඉරාකයේ ජගත් සංවිධානය විසින් ඉටු කරනු ලබන කාර්ය භාරය අත්හැර නොදමන බව ජගත් මහලේකම් අවධාරණය කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]