දියවන්නාව දෝරේ ගැලූ දා
යුද පෙරමුණක සිරි ගනී.

කොළඹට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහල ජලයෙන් යට විණි. ඊයේ (11) පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වීමට පැමිණි මැති ඇමැතිවරුන් හමුදා සන්නද්ධ රථ මගින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වෙත රැගෙන ගිය අයුරු.

 

ඡායාරූප - රුක්මල් ගමගේ




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


මහ වැස්සෙන් පවුල් 60,000ක් අවතැන්

විපතට පත් වූවන්ට සහන දෙන්න මිලියන 20ක්

මධ්‍යස්ථාන 11ක පිරිසට පිසූ ආහාර හා පහසුකම්

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට පෙරේදා (10) සවස සිට ඇඳහැළුනු ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයන් ලක්ෂ 2කට වැඩි පිරිසක් විපතට පත්ව පවුල් 60,000ක් පමණ අවතැන් වී සිටිති.විපතට පත් වූවන්ට සහන සැලැසීම සඳහා රුපියල් මිලියන 20ක් රජයෙන් වෙන් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 10ක් ද ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා මිලියන පහ බැගින් ද වෙන්කර ඇත.

විස්තර »

වසර 18කට පසු කොළඹට වැටුණු වැඩිම වැස්ස

වසර දහඅටකට පසු කොළඹට ලැබුණු වැඩිම වර්ෂපතනය ඊයේ (11) වාර්තාවිය. ඊයේ උදේ 8.30 න් අවසන් වූ පැය 24 තුළ කොළඹට මිලිමීීටර් 440.2 ක වැසි ලැබී ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මින් පෙර වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ 1992 වසරේ ජුනි4 වැනිදායි. මිලිමීටර් 493.7 ක වර්ෂාපතනයක් එදින වාර්තා වූ බව, කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ජයසේකර මහතා පැවසීය.

දෙවැනි පදවි ප්‍රාප්ති ජනතා අභිෂේකයට තව දින 7යි


 

දියවන්නාව පිටාර ගැලීමෙන් මැතිසබේ විනාඩි 8යි

පනත් 6ක් විවාදයෙන් තොරව සම්මතයි

දියවන්නාව පිටාර යාමෙන් යටවූ පාර්ලිමේන්තු සංකීර්ණයේ මිනිත්තු අටකටත් අඩු කාලයකට සීමා වූ ඊයේ (11) රැස්වීමේදී ආණ්ඩු පක්ෂය, විපක්ෂයේ එකඟතාවයෙන් පනත් හයක් විවාදයකින් තොරව සම්මත කර ගත්හ. ඇති වූ හදිසි තත්ත්වයේ දී වැදගත් පනත් හයක් විවාදයකින් තොරව සම්මත කිරීමට සහයෝගය ලබා දුන් විපක්ෂයට, ආණ්ඩු පක්ෂය ස්තුතිය පිරිනමන බව සභානායක....

විස්තර »

රන් බිස්කට් කිලෝ 3ක් රේගු දැලේ

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ඊයේ (11) අලුයම ගුවන් තොටුපළ රේගු අත්අඩංගුවට පත් විණි. සිංගප්පූරු ගුවන් සේවයේ ඉQ 469 ගුවන් යානයෙන් අලුයම 1.05ට සිංගප්පූරුව බලා නීති විරෝධීව රන් බිස්කට් රැගෙන යාමට උත්සාහ කළ සැකකරු ශ්‍රී ලාංකික ගුවන් මගියෙකි. ගුවන් තොටුපළ රේගුව හා ආරක්ෂක අංශ ඒකාබද්ධව මේ වැටලීම කළ බව රේගු අධිකාරි පරාක්‍රම බස්නායක මහතා කීය.

විස්තර »


 

සුදු කොඩි නඩුවේ ශවේන්ද්‍රගේ සාක්කිය 15දා

සුදු කොඩි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා ලබන 15 දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එම නඩුව විභාග කරන මහාධිකරණ ත්‍රිත්ව විනිසුරු මඬුල්ල ඊයේ (11) සිතාසි නිකුත් කළේය. පැමිණිල්ලේ තුන්වැනි සාක්කිකරු වශයෙන් නම් කර ඇති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඊළඟ නඩු දිනයේ අධිකරණයට පැමිණීමට දන්වා සිතාසි නිකුත් කරන ලෙස පැමිණිල්ල මෙහෙයවන....

විස්තර »

ජාතියට පණ දෙන මොරගහකන්ද

කෘෂිකර්මය සමඟ බැදුණු ජීවන රටාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ වාරි ඉතිහාසයක් ඇති රටකි. ලොව දියුණු යැයි සම්මත රටවල විශේෂඥයන්ගේ පවා ඇස් උඩ ඉන්දන දැවැන්ත වාරි යෝජනා ක්‍රම අප සතු විණි. තෙරක් නොපෙනෙන දැවැන්ත වැව් ද අතිශය දියුණු මට්ටමින් ඉදි කෙරුණු සොරොව්, ඇළ මාර්ග ද අපේ රටේ සෑම තැනකම ඉදිවී තිබේ.

විස්තර »

අප සැම එක මවගේ දරුවන් මෙන් සෙනෙහසින් එකට බැඳී දේශය යළි ගොඩනඟමු

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2009 ඔක්තෝම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලයේදී



වෙළඳ දැන්වීම් . . . .

 
ෆොරින් ටුවරිස්ට් අයට යුතු දෙයක් ලෙසිනෝ
විනෝදය සපයන්න යද්දි ලෙස නිසිනෝ
වෙන වැඩක් නැති නිසා පටලවන් කැසිනෝ
කොළ පාට අලි රෑන බොරුවටම නසිනෝ