විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කරනවා

විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කරනවා

මහාචාර්ය ජී. එල්. පීරිස්
විදේශ කටයුතු අමාත්‍ය

නාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවන ධුර කාලය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමඟ ජාතික ගුවන්විදුලියේ කාලීන හා ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්‍ෂ ඉන්දික ජයරත්න මහතා ‘සුභාරතී’ වැඩසටහන සඳහා සිදු කළ සාකච්ඡාවකි මේ.

* දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් කීර්තියට උගතෙක්, විද්වතෙක්, ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක් ලෙස විදේශ කටයුතු පිළිබඳ ඔබට පැවරී ඇති වගකීම කොහොමද ඔබ දකින්නේ?

ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කළ යුත්තේ යුගයේ අවශ්‍යතාවලට හා ප්‍රමුඛතාවලට අනුවයි. ගැලපෙන පරිදියි. අද අපේ රටේ කැපී පෙනෙන දෙයක් තමයි වසර 25 ක් තිබූ ත්‍රස්තවාදය නිමකිරීමට ජනාධිපතිතුමා නායකත්වය දීම. යුද්ධය පැවැති සමයේ අපේ විදේශ ප්‍රතිපත්තියේ අරමුණු අද පවතින තත්ත්වයට වඩා ටිකක් වෙනස්.

අපි අද ලෝකයට පෙන්වා දෙන්න ඕන අපේ රටේ තිබෙන අද්විතීය අවස්ථා. 1948 අපි මහා බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනත්වය ලබන අවස්ථාවේදී අපේ ඒක පුද්ගල ආදායම දකුණු ආසියාවේ ඉහළම තලයක තිබුණා. ත්‍රස්තවාදය නිසා එම තත්ත්වය වෙනස් වුණා. අද පුළුවන් වෙලා තිබෙනවා මේ රටට නැවතත් ආයෝජකයන් සංචාරක ව්‍යාපාරය වැනි දේ ඉහළ තලයකට ගෙන ඒමට. රටේ සහජ කුසලතා වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වාතාවරණය අද මේ රටේ ගොඩ නැගී තිබෙනවා.

* යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව අප දෙස බලා සිටිනවා. සංචාරයට ඉතා සුදුසු රටක් ලෙස ලංකාව අද කතාබහට ලක්වෙලා තිබෙනවා. ඔබ අමාත්‍යංශය ඒ පිළිබඳ කොහොමද ක්‍රියාකරන්නෙ. ඒ ගැන මොනවද කියන්නේ?

තරගකාරී ලෝකයක අපි සිටින්නේ. ලංකාවට පැමිණීමට සංචාරකයන් තීරණය කරන සාධක අපි ලෝකයට කිව යුතුයි. ඉන්දියන් සාගරයේ භූගෝලීය පිහිටීම අතින් වැදගත් තැනක අපි සිටින්නේ. නාවුක ක්‍ෂේත්‍රයේ මාස කීපයකට උඩදී ගාල්ලේ සමුළුවක් පැවැත්වූවා. ’ගෝල් ඩයලොග්’ නමින් පැවැත් වූ එයට ලෝකයේ නාවුක හමුදා විසිතුන (23) ක් සහභාගි වුණා. එහිදී නැව් ගමන් කරන මාර්ග සුරක්ෂිත කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම පුළුල් කිරීම වැනි කාලෝචිත තීරණ සකස් කෙරුණා.

* හම්බන්තොට වරායට පළමු නැව ලබන දහනවය (19) පැමිණෙනවා. ඔබ පැහැදිලි කරන වෙළෙඳපළ කියන කාර්යයට මෙය දායක වන්නේ කොහොමද?

රටේ ආර්ථිකය දියුණු කරවීම එක් අරමුණක්. ශ්‍රී ලංකා ආර්ථිකය 8.5% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහි ප්‍රතිලාභ රටට බෙදෙන විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. නගරබද අතලොස්සකට පමණක් ලබානොදී එය ග්‍රාමීය මට්ටමට රැගෙන යාමයි මහින්ද චින්තනය තුළ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන මට්ටම ඉහළ නැංවීම එක් අපේක්‍ෂාවක්. ඒ සඳහා යටිතල පහසුකම් දියුණුකිරීම මංමාවත් සංවර්ධනය, ගුවන්තොටුපළ ඉදිකිරීම් පියවර ගැනීම.

හම්බන්තොට වරාය ආශි‍්‍රතව කෘෂි නිෂ්පාදන ඇතිවෙනවා. මල් ශාක පළතුරු වර්ග පිටරට යැවීම එමගින් විදේශ විනිමය අපේ රටට එනවා. අනෙක ධීවර කර්මාන්තය ඒ සඳහා විදේශ සමාගම් බොහොමයක් කැමැත්ත පළ කර තිබෙනවා. සේවා ක්‍ෂේත්‍රයේ බැංකු රක්‍ෂණය පරිගණක ක්‍ෂේත්‍රය විවෘත වීම නැව්තොටුපලවල් තුළින්මඟ පෑදෙනවා. මේ තරම් පාරවල් විශාල ප්‍රමාණයක් මින් පෙර හැදුනේ නැහැ. ඒවා ජනතාවට කෙලින්ම බලපානවා. මහින්ද චින්තනය ස්ථාවරවීම මේ මගින් හඳුන්වා දීමට හැකියි.

* 1956 දී නොබැඳී විදෙස් පිළිවෙත අපේ රටේ අවශ්‍යතාවක් වී තිබුණා. 1977 න් සිදුවූ බලමාරුව සමඟ විදෙස් පිළිවෙත වෙනස් වීමකට පසු බටහිරට හිතවාදී වූවා. 2005 න් ඇතිවුණ ජනතා සංස්කෘතික පුනර්ජීවය සමඟ ඇතිවූ තත්ත්වය පැහැදිලි කළොත්

අපේ රටේ විදේශ ප්‍රතිපත්ති බිහිවුණේ සංස්කෘතික තත්ත්වය උඩයි. අද ඒ සියලු සාධක හා ඉතිහාසය රක්ෂණය වූ විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. හැම රටකින්ම අද අපිට මිත්‍රශීලි සහයෝගයක් ලැබෙනවා. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකිවන්නේ නැහැ. ඉන්දියාව හරස් වුනානම් අපේ හමුදාව ප්‍රගතිය ලැබූ අවස්ථාවකදී ඉන්දියාව මැදිහත් වුණා.

එය අගය කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ මැතිවරණ පැවැති සමයේදී අපට සහාය දැක්වීමයි. තමිල්නාඩුව විරුද්ධවූ විට සාකච්ඡා මගින් අපට සහාය ලබාගන්න ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමත් වුණා. තවත් සති තුනකින් ඉන්දීය විදේශ ඇමැති අපේ රටට එනවා. හිස් අතින් නොවෙයි අංග සම්පූර්ණ රෝහලක් දික්ඔයට, උතුරු ප්‍රදේශ දුම්රිය මාර්ග 03 ක්, සාම්පූර් බලාගාරය වැනි සංවර්ධන ක්‍රියාදාමයනට අපට සහාය ලබා දෙනවා.

ඊට නොදෙවෙනි සහයක් චීනය ලබාදුන්නා. නොරොච්චෝලේ බලාගාරය ද කොළඹ කටුනායක සහ දකුණූ අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ සංස්කෘතික මධ්‍යස්ථානය, මාතර කතරගම දුම්රිය මාර්ගය ඉරානය රජයත් උමාඔය, සපුගස්කන්ද ව්‍යාපෘතිය වලට සහාය ලබාදෙනවා. තෙල් ලබාගැනීමට මාස 7 පොලී රහිත ණය මුදලක් අපට ලබා දුන්නා. ජපානය මන්නාරම, විදුලි යෝජනා ක්‍රම ඇතුලු රෝහල් සඳහා උපකාර ලැබෙනවා. මේ රටවල් අතර නොයෙක් ප්‍රශ්න තිබුණත් අපේ රට පිළිබඳව සුබවාදී ආකල්ප තිබෙනවා.

* රටවල් අතර තිබෙන සම්බන්ධතාවය සමඟ ඇති බහුපාර්ශ්වීය ප්‍රවේශය පැහැදිලි කළ හැකිද?

සියලුම රටවල් පිළිගන්නවා අමාරුම ත්‍රස්තවාදය අපේ රට අවසන් කළ බව. මුදල් විශාල ප්‍රමාණයක් තිබෙන රටවලට කළ නොහැකි දේ අපේ රට සිදුකළ බව ඔවුන් වටහාගෙන අවසන්. ත්‍රස්තවාදය මර්දනය කරන අතරතුරම ආර්ථික සංවර්ධනයද සිදුකළා. දිළිදුකම තුරන් කිරීමද අප සිදුකළා. 1997 –25% ක් වූ දිළිදුකම 8% මේ වනවිට අඩු කිරීමට අපට හැකි වී තිබෙනවා. මේ සියල්ල සමකාලීනව සිදුකිරීම , අපේ සංස්කෘතියට ගැලපෙන පරිදි අපේ ආර්ථිකය හැඩගැස්සවීමට අපට හැකි වී තිබෙනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක ණය මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට ලබා දුන්නා. ඒ අයට අපේ රටේ ආර්ථිකය පිළිබඳ විශාල විශ්වාසයක් තබා ගත හැකි වී තිබෙනවා. අපි හරි මාර්ගයේ ගමන් කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ශ්‍රී ලංකා නියෝජිත කෝෂින් අනායි මහතා මෙම මුදල අපේ රටට ලබා දුන්නා. ඒ විශ්වාසය තුළින් ලබාදීමක්.

අපේ රටට මෙතරම් විදේශ සංචිත ප්‍රමාණයක් කවදාකවත් තිබුනේ නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 2.1(යූ.එස්.මිලියන 7100) මාස 6 1/2කට අපේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් අපට තිබෙනවා. ඉතිහාසයේ අපට තිබුණේ සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් විදේශ සංචිත ප්‍රමාණයක් 28% තිබූ උද්ධමනය අද 6 – 7% කට අඩුවෙලා. බැංකු පොලී අනුපාත විශාල වශයෙන් ගෙවා නිෂ්පාදන කරන්න බැහැ. 25% 26% තිබූ පොලී අනුපාතය 8% දක්වා අඩු කිරීමට අපට හැකි වී තිබෙනවා.

* දෙමළ ඩයස්පෝරාව කියන සාධකය සංවර්ධන ඉලක්ක කරා යාමට අපට දිනාගත හැක්කේ කොහොමද? ඒ සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම කෙසේද?

දෙමළ ඩයස්පෝරාවට යම්කිසි භූමිකාවක් අපි ලබාදිය යුතුයි. අපි කැමැති වුනත් නැතත් ඒගොල්ලන් අදාළ සාධකයක්. යුද්ධය අවසානයි. දැන් තියෙන්නේ පුනරුත්ථාපනය සහ සංවර්ධනය. එතන යම් කිසි වෙනසකුත් තියෙනවා. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියදී ඩයස්පෝරාවට තිබුනේ එක් අදහසක්. අද විවිධ මත තිබෙනවා. යම්කිසි නම්‍යශීලීභාවයක් තිබෙන ඩයස් පෝරාවේ කොටස් අද සාකච්ඡා කරනවා. අපි හඳුනාගෙන තිබෙනවා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මමත් ඒ අය හමුවුනා. අපි ඒ අයට කිව්වා ඔබතුමන්ලා විවිධ දේ කරා. තුවක්කු ආයුධ ගැනීමට මුදල් ලබා දුන්නා. අපි ඒවා අනුමත කරන්නේ නැහැ. ඒත් දැන් ඒවා කථාකර වැඩක් නැහැ. දැන් තිබෙන වාතාවරණය උතුරු ප්‍රදේශ සංවර්ධන සඳහා දායකවීමෙන් යම් තෘප්තියක් ලබා ගන්නේ නැද්දැයි අපි ඔවුන්ගෙන් ඇසුවා. එයට හොඳ ප්‍රතිචාර බොහෝ කොටස් වලින් ලැබී තිබෙනවා. විශාල දමිල ජාතිකයන් පිරිසක් අපේ රටට අද පැමිණ තිබෙනවා. ඔවුන් තම ඥාතීන් දෙස බලා සතුටු වී තිබෙනවා.

* ත්‍රස්තවාදය පරාජය කළාට ත්‍රස්තවාදය නමැති මතවාදය පරාජය කිරීමට අපට විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ කෙසේ ද?

මතවාදය පරාජය කිරීම සඳහා සම්පූර්ණ තොරතුරු අපේ තානාපති කාර්යාල වලට යැවිය යුතුයි. එය කිරීම අවශ්‍යයි. යුද්ධයකට යාමට නැවත ඔවුන්ට බැහැ. ඔවුන් සන්නිවේදන ජාලයක් පවත්වනවා. තුවක්කු බෝම්බ භාවිතා නොකර ඔවුන් ආර්ථික සංග්‍රාමයට යම් මතයක් ගොඩනැගීමට උත්සාහ කරනවා.

* එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් දීම සඳහා යම් කමිටුවක් පත් කළා. එහි කටයුතු රජය හඳුනාගෙන ඇත්තේ කොයි ආකාරයෙන්ද?

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පැහැදිලිව කියා තිබෙනවා එය අපේ රටට නගන ලද චෝදනා විභාග කිරීමට පත් කළ කමිටුවක් නොවන බව. මෙය විමර්ෂන කමිටුවක් නොවෙයි. ඒ අය කරන්නේ මහලේකම්තුමාට උපදෙස් දීමයි සිදු කරන්නේ. ඒ අය කරන්නේ මෙවැනි යුද සමයක ඒ ඒ රටවල සිදුකළ දේ හැසිරුනු ආකාරයන් පිළිබඳව උපදෙස් දීමයි සිදු කරන්නේ. අභිමානයක් තිබෙන නිදහස් රටකට පීඩා කිරීමට කිසිවකුට බැහැ. මේ වගේ ප්‍රශ්න අපේ රටේ විතරක් නෙවෙයි දකුණු අපි‍්‍රකාව, පලස්තීනය වැනි රටවලත් පැවතුනා.

අපට ඉතාමත් හොඳ ප්‍රතිචාර , විදේශ සමුළුවේදී ලැබුනා. අපේ රට අප රටේ ප්‍රශ්න විසඳාගැනීමට හැකි වූ රටක්. භයානක ත්‍රස්ත කණ්ඩායම රණබිමේදී පරාජය කළා. එඩිතර දේශපාලන නායකත්වය ඒ සැමට හේතු වුණා. ෂ;ද්ශීය සම්බන්ධතා නිසි පරිදි හැසිරවීම සහ අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න හොඳින් නිරාකරණය කරගැනීම අප ලැබූ ජයග්‍රහණයක්. පිටරටවල් ඒ සියලු දේ ආදර්ශ ලෙස සලකනවා.

* ජනාධිපතිතුමා සමථකරුවකු ලෙස මෑත කාලයේ නිරත වුණා. මාලදිවයින, නේපාලය වැනි රටවල දේශපාලන අර්බුදවලට ජනාධිපතිතුමා සහභාගි වුණා. ඒ පිළිබඳ ඔබ මොනවද කියන්නේ?

මම දකින්නේ එතුමා අපේ රටට පමණක් සීමා වූ නායකයෙක් නෙවෙයි. දකුණු ආසියාවටම නායකත්වයට සුදුස්සෙක් අපේ ජනාධිපතිතුමා. මාලදිවයිනට අපි යද්දී මාලදිවයින රජය හා විරුද්ධ පක්ෂය හා සංවාද තිබුණේ නැහැ. ජනාධිපතිතුමා ඒ දෙපිරිස් අතර සාකච්ඡා සිදු කිරීම ආරම්භ කළා. ශ්‍රී ලංකා රජයේ සහාය එහිදී ඇගයීමකට ලක් වුණා. චයිනා එක්ස්පෝ අවසන උත්සවයේදී නේපාල ජනාධිපතිතුමා රම්බරාල් යදෙව් මහතා ජනාධිපතිතුමාට නේපාල අර්බුදයට මැදිහත් වන ලෙස ආරාධනය කළා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා