|
||
කළුතර පවුල් 5305ක් අවතැන්වෙලාගංවතුරින් කළුතර දිස්ති‍්‍රක්කයේ පවුල් පන්දාස් තුන්සිය පහක් (5305) ක් අවතැන්වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් එස්. හපුආරච්චි මහතා ‘දිනමිණ’ ට කීය. ඔවුන්ට පිසූ ආහාර ඇතුළු සහන සැලසීමට පියවර ගෙන ඇත. ඒ වෙනුවෙන් රජය මගින් රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර තිබේ. අවශ්‍ය පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් ලබා දීමට ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත. ගස් කඩාවැටීම්, නායයෑම් ආදී සිද්ධීන් ද වාර්තා වී ඇත. කළුතර දකුණ සිරි නිවාසාරාම විහාරස්ථානයේ චෛත්‍ය මළුව ගිලාබසිමින් සේදී යාමේ තර්ජනයකට ලක්ව ඇත. කඳු මුදුනක පිහිටි ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේ ධර්මශාලාව අසල භූමිය ද නායයෑමට ගොදුරුවී තිබේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |