|
||
රන් බිස්කට් කිලෝ 3ක් රේගු දැලේ
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ඊයේ (11) අලුයම ගුවන් තොටුපළ රේගු අත්අඩංගුවට පත් විණි. සිංගප්පූරු ගුවන් සේවයේ ඉQ 469 ගුවන් යානයෙන් අලුයම 1.05ට සිංගප්පූරුව බලා නීති විරෝධීව රන් බිස්කට් රැගෙන යාමට උත්සාහ කළ සැකකරු ශ්‍රී ලාංකික ගුවන් මගියෙකි. ගුවන් තොටුපළ රේගුව හා ආරක්ෂක අංශ ඒකාබද්ධව මේ වැටලීම කළ බව රේගු අධිකාරි පරාක්‍රම බස්නායක මහතා කීය. සැකකාර ගුවන් මගියාගේ යට ඇඳුම් අතර සඟවා තිබූ රන් බිස්කට් 11ක් පළමුව සොයාගත් බව රේගුව කියයි. ගුවන් යානය වෙත යවා තිබූ ගමන් මල්ලේ සඟවා තිබූ රන් බිස්කට් ප්‍රමාණය 21කි. ගමන් මල්ලේ තිබූ රන් බිස්කට් ගෘහස්ත විදුලි ඇඹරුම් යන්ත්‍රයක පතුලේ සඟවා කළු පොලිතීන්වලින් ආවරණය කර තිබූ බව ද රේගු නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් රන් බිස්කට් 32හි බර කිලෝ තුනකට වැඩි බව රේගුව පවසයි. රේගු අධිකාරිවරුන් වන නරේන්ද්‍ර ප්‍රනාන්දු, පරාක්‍රම බස්නායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |