පරගස්තොට මිල්ලනියවත්ත වැසියන්ට ඉඩ-කඩ ඇති ප්‍රජා ශාලාවක් ඕනෑ

පරගස්තොට මිල්ලනියවත්ත වැසියන්ට ඉඩ-කඩ ඇති ප්‍රජා ශාලාවක් ඕනෑ

පරගස්තොට, මිල්ලනිය වත්ත පදිංචිකරුවන් සඳහා ඉදිකර ඇති ප්‍රජා ශාලා ගොඩනැඟිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නැති බවත් ඒ සඳහා පොදු පහසුකම් කිසිවක් නැති බවත් එම වැසියෝ කියති.මේ නිවාස යෝජනා ක්‍රමයේ දැනට පවුල් 320ක් පමණ පදිංචිව සිටිති. මොවුන්ගේ පොදු කටයුතු සඳහා සඳහා අක්කර 02ක පමණ භූමි ප්‍රමාණයක් ඉතිරි කර ඇති අතර ප්‍රජා ශාලා ගොඩනැඟිල්ල සංවර්ධනය නොකළ ක්‍රීඩා පිටිය කෙළවර ඉදිකර ඇත්තේ මීට වසර 06කට පමණ පෙරය.

ප්‍රජා ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නැති නිසා එළිමහනේ මඩුවක් යට වැඩසටහන් පැවැත්වෙන අයුරු.

ඉඩකඩ රහිත කුඩා ගොඩනැගිල්ලක් වන මෙහි එකවර 50ක් 100ක් අතර පිරිසකට වැඩසටහනක් සංවිධානය කිරීම අසීරුය. ඒ සඳහා ඔවුන් මිදුලේ තාවකාලික කූඩාරම් ඉදිකර ගැනීම සිදු කරන්නේ විශාල වියදමක් දැරීමෙනි. මේ ස්ථානයට වැසිකිළි පහසුකම් හෝ විදුලිය ද නැත.

ළිඳක් ඇතත් එයට මෝටරයක් යෙදීමට ක්‍රමයක් නැති නිසා පානීය ජල පහසුකම් ද නැත. මේ ගොඩනැඟිල්ලේ පෙර පාසලක් ආරම්භ කර ඇතත් පෙර කී අඩුපාඩු නිසා එහි දරුවෝද හිරිහැර විඳීති. එසේම ළමා ක්‍රීඩාංගණයේ ඇත්තේ ඔංචිල්ලාවක් පමණි.

ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති යූ. ජී. දයාවංශ මහතා ‘ මිල්ලනිය වත්තෙ දැනට පවුල් 320ක් විතර පදිංචි වෙලා ඉන්නවා. අපිට ප්‍රධාන අඩුපාඩුවක් වෙලා තියෙන්නෙ ප්‍රමාණවත් ප්‍රජා ශාලාවක් නොමැතිකමයි . එවගෙම දරුවන්ට සෙල්ලම් කරන්න හරියට ක්‍රීඩා පිට්ටනියක් ඇත්තෙත් නැහැ.

පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයෙන් ලක්‍ෂ 3ක් අනුමත වුණා. ප්‍රජා ශාලාවට එයින් කොටසක් මුලින් ලැබුණා. ඒ කොටසින් වැඩ කළා. ඇස්තමේන්තුවට අනුව දෙවන කොටසත් අරන් වැඩ කළත් මුදල් මදි වුණා.  තවත් ලක්‍ෂ 03ක් විතර වැඩ කළා. ඒ මුදල් ගෙවා ගන්න විදියක් දැන් අපට නැහැ. ඒ නිසා පිට්ටනියෙ වැඩ ඉවර කරගන්නවත් විදියක් නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා