මුද්‍රණය සඳහා

 
පින්නවල අලි අනාථාගාරය රාත්‍රි 8 දක්වා විවෘතයි

පින්නවල අලි අනාථාගාරය රාත්‍රි 8 දක්වා විවෘතයි

පින්නවල අලි අනාථාගාරය විවෘතව තබන වේලාව රාත්‍රි 8.00 දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව පස්වරු 5.30 දක්වා මෙතෙක් මහජනතාව සඳහා විවෘතව තැබූ පින්නවල අලි අනාථාගාරය රාත්‍රි 8.00 දක්වා විවෘතව තැබේ.

පස්වරු 6.15 සිට 6.45 දක්වා අලි ඇතුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ඇතුළත් සංදර්ශනයක් නැරඹීමට හා රාත්‍රි 7.00 සිට රාත්‍රි 7.30 දක්වා අනාථාගාරයේ අලි පැටවුන් සඳහා කිරි පෙවීමේ දර්ශන මහජනතාවට නැරඹිය හැකි බවද ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]